රෝග ලක්ෂණ හොයන්න කොළඹ වෛද්‍ය පීඨයෙන් පර්‌යේෂණ

අප්‍රේ 27, 2020

    කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව පී.සී.ආර්. පරික්ෂණයෙන් තහවුරු වුවද බොහෝ දෙනෙකු රෝග ලක්ෂණ පෙන්නුම් නොකරන්නේ කුමන හේතුවක් නිසාද යන්න පිළිබදව මේ වනවිට පර්‌යේෂණ කරමින් පවතින බව කොළඹ වෛද්‍ය පීඨයේ ප්‍රවේනි විද්‍යාව පිළිබඳ මහාචාර්ය වජිර දිසානායක පවසයි.

    අමෙරිකාවේ පැතිර යන කොරෝනා වෛරසයේ ප්‍රභේදයට සමාන ප්‍ර‌භේදයක් ලංකාවේ පැතිර යන බවට මේ වන විට තහවුරු වී ඇති නමුත් අප රටේ වෛරසය ආසාදනය වූවන්ගේ පිරිසක් මේ වන විටත් උණ සෙම්ප්‍රතිශ්‍යාව හා කැස්ස වැනි රෝග ලක්ෂණ පෙන්නුවද සැලකිය යුතු පිරිසක් කිසිදු රෝග ලක්ෂණයක් නොපෙන්වන බව මහාචාර්යවරයා පෙන්වාදේ.

    ඇතැම් විට මෙය අපගේ ජානමය හේතුවක් ද යන්න පිළිබඳව සොයාබැලීම මේ වන විට ආරම්භ කර ඇතැයි හෙතෙම පැවැසීය.

    Latest News