හඳුන්දිවි පැටවෙකු සමග පුද්ගලයෙකු අත්අඩංගුවට (වීඩියෝ)

අප්‍රේ 17, 2020
  • විකිණිමට සූදානම්කර සිටි අති දුර්ලභ හඳුන්දිවි පැටවෙකු සමග පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීමට වන සංරක්ෂණ දෙපාර්තමෙන්තුව සමත් වෙයි.

    ශ්‍රී ලංකාවේ දුර්ලභ සත්ව කොට්ඨාශ නාම ලැයිතුවට ඇතුලත්ව කර තිබෙන මෙම හඳුන් දිවියා රුපියල් ලක්ෂ 02කට අලවි කිරීමට සූදානම් කර තිබී ඇත.

    Hadun-01.jpg

    Hadun-02.jpg

    මහියංගණ, මාදුරුඔය ජාතික වන උද්‍යානයේ ගල්කඩ උද්‍යාන පිවිසුම් කාර්යාල නිළධාරින් විසින් ඊයේ (16) සවස මෙම පුද්ගලයා හා මාදුරුඔය ජාතික වන උද්‍යානයෙන් අල්ලා ගන්නා ලද මෙම හඳුන් දිවි පැටවා අත්අඩංගුවට ගෙන තිබේ.

    අත්අඩංගුවට ගන්නා ගද පුද්ගලයා දඹාන වේවත්ත ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 28ක පුද්ගලයෙකු වන අතර සැකකරු විසින් මාස 02ක් පමණ වයසැති හදුන් දිවි පැටවා, සති කිහිපයකට ඉහතදී රුපියල් ලක්ෂ 02කට අකුරණ ප්‍රදේශයේ පුද්ගලයෙකු හට අළෙවි කිරිමට තැත් කර ඇති අතර, එම උත්සාහය අසාර්ථක වීමෙන් පසු ලබන 20වන දින ලක්ෂ 1.5කට අම්පාර ප්‍රදේශයේ පුද්ගලයෙකු හට අළෙවි කිරිමට සුදානම් කර තිබී ඇත.

    ලැබුනු තොරතුරක් අනුව වන සංරක්ෂණ දෙපාර්අතමෙන්තුවේ ගල්කඩ පිවිසුමේ ප්‍රධානී වන සත්ව නියාමක සංජිව රත්නායක මහතා ඇතුලු නිළධාරින් කන්ඩායමක් විසින් සිදු කළ වැටලීමකදී අළෙවි කිරිමට සූදානම් කර සිටි හදුන් දිවි පැටවා සහ පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනිනි.

    අත්අඩංගුවට ගත් පුද්ගලයා මහියංගණ මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත. අධිකරණ නියෝග මත හදුන් දිවි පැටවා අම්පාර පශු වෛද්‍ය ඒකකයට බාරදීමට සූදානම් කර ඇත.

    Hadun-03.jpg

     

    Last modified on සිකුරාදා, 17 අප්‍රේල් 2020 16:37

    Latest News