අතුරු සම්මත ගිණුම අද පාර්ලිමේන්තුවට

දෙසැ 21, 2018

    අතුරු සම්මත ගිණුම අද පාර්ලිමේන්තුවේ අනුමැතිය සඳහා ඉදිරිපත් කරන බව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා ප්‍රකාශ කරයි.

    අමාත්‍යවරයා විසින් මෙම යෝජනාව ඊයේ කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමෙන් අනතරුව ඊට අනුමැතිය හිමිවිය. අතුරු සම්මත ගිණුමෙන් රුපියල් බිලියන 1,765ක් වෙන් කර තිබේ. ඉන් රුපියල් බිලියන 970ක් පොලී සහ වාරික වෙනුවෙන් වෙන් කර ඇත.

    ඒ අනූව, ලබන වසරේ මුල් මාස 4 වියදමින් 55%ක් පමණ වැය වනුයේ රජයේ ණය වාරික සහ පොලී ගෙවීම් සඳහායි. දේශීය ආර්ථිකය සහ ගම දියුණු කිරීම සඳහා ක්‍රියාත්මක කෙරුණු, ගම්පෙරළිය, ව්‍යවසායකත්ව ශ්‍රී ලංකා සහ එක් ගමකට එක් වැඩක් යන ව්‍යාපෘති ඔක්තෝබර් 26 දින පත් වූ අමාත්‍ය මණ්ඩලය විසිනි නවතා තිබිණ. අතුරු සම්මත ගිණුම මගින් එම සියලු ව්‍යාපෘති යලි ආරම්භ කෙරේ. නව පාසල් වාරය ආරම්භයත් සමඟ පාසල් සිසුන්ට නිල ඇඳුම් සඳහා වවුචර් පත් ලබා දීමට ද නියමිතයි. අතුරු සම්මත ගිණුමෙන් පුනරාවර්තන වියදම් සඳහා රුපිය්ල බිලියන 480ක් ද ප්‍රාග්ධන වියදම් වෙනුවෙන් රුපියල් බිලියන 310ක් ද වෙන් කර ඇත.

    Latest News