මෙරට COVID-19 ආසාදිතයින් 203 ක් වෙයි

අප්‍රේ 12, 2020

    COVID-19 වෛරසය ආසාදිතව මෙරටින් හඳුනාගැනුණු රෝගීන් සංඛ්‍යාව 203 දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශ සඳහන් කරයි.

    ඒ අද තවත් ආසාදිතයින් 4 දෙනෙකු හඳුනාගැනීමත් සමඟයි. මේ වන විට COVID-19 වෛරසය ආසාදිතව රෝහල් ගතව ප්‍රතිකාර ලබන ගණන 141කි. අද තවත් එක් රෝගියෙකු සුවය ලබා රෝහලෙන් පිටව ගිය බව වාර්තාවේ. ඒ අනුව වෛරස ආසාදිතයින් 55 දෙනෙකු පූර්ණ සුවය ලබා රෝහල් වලින් පිටව ගොස් ඇති බව ‍සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය සඳහන් කරයි. එමෙන්ම 154 දෙනෙකු සෞඛ්‍ය අධීක්ෂණය යටතේ පසුවේ.

    කොරෝනා වෛරසය ආසාදනයවීමෙන් මෙරට පුද්ගලයින් 7 දෙනෙකු මේ වන විට මියගොස් තිබේ.

    Latest News