නිවේදනයක් නිකුත් කරමින් රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව මේ බව සඳහන් කර ඇත.
ඒ අනුව ඖෂධ වට්ටෝරුවක් සහිතව පමණක් ලබාදිය යුතු ඖෂධ, එසේ නොමැතිව කිසිවෙකුටත් වෙත ඖෂධ ලබා නොදිය යුතු බව සෞඛ්‍ය ජනරාල්වරයා අවධාරණය කර තිබේ.
මෙය ඖෂධ අධිකාරි පනත යටතේ දඬුවම් ලැබිය හැකි වරදක් බවද එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙයි. ජාතික ඖෂධ නියාමන අධිකාරිය විසින් මේ පිළිබඳව නිරන්තරයෙන් දැනුවත් කරනු ලබයි.
මේ මොහොතේ ඖෂධ ලබා ගැනීමට පැමිණෙන පාරිභෝගිකයින් විසින් පවසන රෝග ලක්ෂණවලට ඖෂධහල් හිමියන් කිසිවිටෙකත් ඖෂධ අලෙවි කිරීම හෝ නියම කිරීම සිදු නොකළ යුතු බවද එම නිවේදනයේ වැඩි දුරටත් දැක්වෙයි.