“කොරෝනා“ ලොව පුරා ආසාදිතයින් ලක්‍ෂ 08කට ආසන්නයි

මාර් 31, 2020

    ලොව කොරෝනා වෛරසය ආසාදිත සංඛ්‍යාව, මේ වනවිට ලක්ෂ 08කට ආසන්න වී තිබේ.

    මියගිය පිරිස තිස් හත් සහසකට අධිකයි. මේ වනවිට වැඩිම ආසාදිතයින් පිරිසක් වාර්තා වන්නේ අමෙරිකාව, ඉතාලිය සහ ස්පාඤ්ඤයෙන්. කොරෝනා වෛරසයෙන් වැඩිම බලපෑමක් මේ වනවිට ඒල්ල වී ඇත්තේ අමෙරිකාවටයි. ඒරට ඊයේ දිනයේ පමණක් රෝගීන් විසි දහසක් පමණ වාර්තා වී තිබේ. ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් කියා සිටියේ, වෛරසයේ උච්චතම අවස්ථාවට මුහුණ දීම සඳහා තම රට සූදානම් බවයි. මේ වනවිට මිලියනයකට අධික අමෙරිකානුවන් පිරිසක් පරීක්ෂාවට ලක්කර තිබේ. ඉදිරි දින 30 අමෙරිකාවට ඉතා අභියෝගාත්මක වනු ඇති බවයි, ජනාධිපති ට්‍රම්ප් ප්‍රකාශ කළේ. සමාජ දුරස්ථභාවය රැකගැනීමෙන් මිලියන ගණනක අමෙරිකානුවන්ගේ ජිවිත බේරාගත හැකි බව ට්‍රම්ප් සඳහන් කළේය.

    දෙවනුව වැඩිම රෝගීන් පිරිසක් වාර්තා වන්නේ, ඉතාලියෙන්. ඉතාලිය, ඒරට පූර්ණ නිරෝධායන කාලසීමාව තවදුරටත් දීර්ඝ කර තිබේ. මේ වනවිට ඒරටින් වාර්තා වන නව රෝගීන් සංඛ්‍යාවේ යම් අඩුවීමක් පෙන්නුම් කර ඇතැයි වාර්තාවේ. ඒහෙත්, ඊයේ දින පමණක් 812 දෙනෙකු මියගොස් තිබේ. ඒය පෙර දිනයට වඩා ඉහළ අගයක් පෙන්නුම් කරයි. ලොව වැඩිම මරණ සංඛ්‍යාවක් වාර්තා වන රට වන්නේ ද ඉතාලියයි.

    ස්පාඤ්ඤයේ තත්වය මේ වනවිට යම් කිසි මට්ටමකින් පාලනය වී ඇති බව, විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරයි. ඊයේ දිනයේ දී නව රෝගීන් අටදහසකට ආසන්න පිරිසක් වාර්තා වූවත් ලැබෙන වාර්තා අනුව වෛරසය පැතිරීම පාලනය වී ඇති බව, බලධාරීන් පවසයි.

    ඉන්දියාව ඒරට පූර්ණ නිරෝධායනයකට ලක් කළ පසු දැඩි මානුෂිය අර්බුදයක් හටගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. බොහෝ පිරිස් තම ගම්බිම් බලා යාමට නොහැකිව සිරවී ඇති බව වාර්තාවේ. ඇතැම් පිරිස් කිලෝ මීටර සිය ගණන් පාගමනින් නිවාස වෙත ගමන් කරන අයුරු දක්නට ලැබුණි. මිලියන ගණනක් සංක්‍රමණික සේවකයින් මේ හේතුවෙන් දැඩි අර්බුදයකට පත්ව ඇති බව ඉන්දීය වාර්තා පෙන්වා දෙයි.

    ලොව පුරා රටවල් රැසක් තම ගුවන් කටයුතු සීමා කිරීම හේතුවෙන් ගුවන් යානා සමාගම් විශාල අර්බුදයකට මුහුණ දී තිබේ. ඒ්, පියාසර නොකරන ගුවන් යානා ගාල් කර තැබීමට ඉඩ පහසුකම් නොමැතිවීම හේතුවෙන්. මේ වනවිට බොහෝ ගුවන් සමාගම් යානා ඇතැම් ගුවන් තොටුපලවල ධාවන පථ තුළ පවා ගාල්කර තැබීමට සිදුව තිබේ. ලොව පුරා සාමාන්‍ය අවස්ථාවන්වලදී යානා විසි දහසක් පමණ සෑමවිටම පාහේ පියාසර කරමින් තිබේ.

    ඒහෙත් මේ වනවිට බොහෝ ගුවන් සමාගම් යානා සේවයේ යෙදවන්නේ ඉතාමත් සීමිත වශයෙන්. අමෙරිකානු ගුවන් යානාවල මීට පෙර ගමන් කළ මගීන් සංඛ්‍යාවට වඩා මේ වනවිට ගමන් කරන්නේ 05%ක පමණ ප්‍රතිශතයක් බව, ගුවන් යානා සමාගම් පවසයි. ගුවන් යානා ගාල්කර තැබීම සඳහා ඉතා විශාල මුදලක් ගෙවීමට සිදුවීම තවත් අර්බුදයක්.

    බොහෝ රටවල් පූර්ණ හෝ අර්ධ වශයෙන් රටේ කොටස් වසා දැමීමට හෝ නිරෝධායනයට ලක්කරන විට ස්වීඩනය ඊට වෙනස් ප්‍රතිපත්තියක් අනුගමනය කරන බව විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරයි. ස්වීඩනය ජනතාවට නීති රීති පනවා නොමැති අතර, පැහැදිලි උපදෙස් මාලාවන් ලබාදී තිබේ. ඔවුන්ට අසනීප වුවහොත් නිවසේ සිට නිසි පරිදි ක්‍රියාත්මකවීම සඳහා අවශ්‍ය සියලු උපදෙස් රජය විසින් ලබාදේ. දැඩි නීති රීතිවලින් තොරව වුවත්, ජනතාව අනවශ්‍ය ගමන් බිමන් සීමාකර ඇති අතර, නිවසේ සිට රාජකාරී කිරීමට ද පෙළඹී ඇති බව වාර්තාවේ. ස්වීඩන් අග්‍රාමාත්‍ය ස්ටෙෆාන් ලෝෆන් ජාතිය අමතමින් පසුගිය සති අන්තයේ කියා සිටියේ, රටේ සෑම පුරවැසියෙකුටම මෙම අර්බුදකාරී අවස්ථාවේදී ඉතා විශාල වගකීමක් පැවරී ඇති බවයි.

    පසුගිය සති අන්තයේ දී ඒරට සමාජ ශාලා සහ අනෙකුත් පොදු ස්ථාන විවෘතව පැවතිණ. ජනතාවගේ වගකීම් සහගත හැසිරීම හේතුවෙන් එරටින් තවමත් වාර්තා වන්නේ, කොරෝනා වෛරස් රෝගයෙන් හාර දහසකට මදක් වැඩි අගයක් පමණි. යුරෝපයේ අනෙකුත් රටවල් හා සන්සන්දනය කිරීමේදී ඒය ඉතාමත් පහළ අගයක්. යුරෝපයේ රටවල් රැසක් දැඩි අර්බුදයකට මුහුණ දී තිබුණත් ජනතාවගේ වගකීම් සහගත ක්‍රියා කලාපය නිසා ස්වීඩනයට අර්බුදය පාලනයට කිරීමට හැකිවනු ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා ඳසහන් කරයි.

    Latest News