දරුවන්ට දීර්ඝ කාලීනව ලබාගත යුතු ඖෂධ, ලබාදෙන ක්‍රමවේදයක්

මාර් 30, 2020

    දරුවන්ට දීර්ඝ කාලීනව ලබාගත යුතු ඖෂධ හදිසි අවස්ථාවේදී ලබාදෙන ක්‍රමවේදයක් සකසා ඇතැයි, කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහල පවසයි.

    අදාළ සායන හෝ විශේෂඥ වෛද්‍යවරයාට අදාළ සම්බන්ධවීමේ දුරකතන අංක ඒ අනුව ප්‍රකාශිතයි.

    දරුවාට අවශ්‍ය පරීක්‍ෂණ සඳහා හෝ අනිවාර්යයෙන්ම ඖෂධ අවසන්වීමට ප්‍රථම සතියේ දිනවල පෙ.ව. 8.00 සිට 2.00 දක්වා අදාළ අංක ඇමතීමෙන් තොරතුරු ලබාගත හැක.

    ස්නායු රෝග සායනය සඳහා විශේෂඥ වෛද්‍ය පියාරා රත්නායක මහත්මිය සම්බන්ධ කරගත හැක. දුරකතන අංකය 071-4884447.

    විශේෂ වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය මහතාගේ දුරකතන අංකය 011-2693711,
    විශේෂඥ වෛද්‍ය ජීතාංජි වනිගසිංහ මහත්මියගේ දුරකතන අංකය වන්නේ 071-8661345, අපස්මාරය රෝගී දරුවන් සඳහා ක්‍ෂණික දුරකතන ඇමතුම් අංකය 0777-590990.

    වකුගඩු සායනය පැවැත්වෙන්නේ 29 කාමරයේයි, ඒ සඳහා විශේෂඥ වෛද්‍ය වින්ද්‍යා ගුණසේකර - 0703105985 ඔස්සේ සම්බන්ධ කරගත හැක.

    වෛද්‍ය විකුම් මහතා සම්බන්ධ කරගත හැක්කේ 0777 906748 යන අංකයෙනි.

    වෛද්‍ය හරීෂ් මහතාගේ දුරකතන අංකය වන්නේ 076-7682554.

    රක්තවාදවේද සායනය පැවැත්වෙන්නේ, වාට්ටු අංක හයේ වන අතර, ඒ සඳහා විශේෂඥ වෛද්‍ය ජයත්‍රි ජායොඩ මහත්මිය සම්බන්ධ කරගත හැකිය. ඇයගේ දුරකතන අංකය 077-5299640.

    සමේ රෝග සායනය කාමර අංක 33හි පැවැත්වේ. මහාචාර්ය ජයමිණි සෙනෙවිරත්න සහ විශේෂඥ වෛද්‍ය ශ්‍රීයාණි සමරවීර මහත්මින් එහි සේවය සපයයි. එහි දුරකතන අංකය 070-5955289

    අන්තරාසර්ග රෝග සහ දියවැඩියා ඒකකය පැවැත්වෙන්නේ 36 සහ 22 කාමරවලයි. ඒ සඳහා විශේෂඥ වෛද්‍ය නවෝදා අතපත්තු මහත්මිය සම්බන්ධ කරගත හැකි අංකය වන්නේ 077-2995039. විශේෂඥ වෛද්‍ය සුමුදු සෙනෙවිරත්න මහත්මිය සම්බන්ධ කරගත හැකියි. ඒ 0760262810 අංකයෙනි.

    ළමා මනෝවෛද්‍ය ඒකකය සඳහා 22 කාමරය නම් කර තිබේ. විශේෂඥ වෛද්‍ය ස්වර්ණා විජේතුංග මහත්මිය සම්බන්ධ කරගත හැකි වන්නේ 072-1857615 යන දුරකතන අංකයෙනි. විශේෂඥ වෛද්‍යවරුන් වන වෛද්‍ය අපේක්‍ෂා හේවාගීගනගේ සහ දුලංගි දහනායක යන මහත්මීන් ද සම්බන්ධ කරගත හැක. දුලංගි දහනායක මහත්මියගේ දුරකතන අංකය 077-2976196.

    තැලසීමියා හා හිමෝෆිලියා සායනය සඳහා විශේෂඥ වෛද්‍ය නිපුණිකා සේනාධීර හා විශේෂඥ වෛද්‍ය චන්දිමා තෙවරප්පෙරුම යන මහත්මීන් සේවය සපයයි. දුරකතන අංකය 076-2936698.

    අනෙකුත් රෝගී සත්කාර සේවා සඳහා 011-2693711 සහ 011-2693712 යන දුරකතන අංකවලින් තොරතුරු විමසිය හැකි බව රිජ්වේ ආර්යා ළමා රෝහලේ අධ්‍යක්‍ෂ වෛද්‍ය ජී විජේසූරිය මහතා පවසයි.

    Latest News