ගිනිඅවි තොගයක් සමඟ දෙදෙනෙකුට මාංචු

දෙසැ 17, 2018

    නීති විරෝධී ගිනිඅවි තොගයක් සමඟ සැකකරුවෝ දෙදෙනක් අත්අඩංගුවට ගැනෙති.

    ඔවුන් දෙදෙනා යම්කිසි ඝාතනයක් සිදු කිරීමට සැලසුම් කර ඇති බවට, තොරතුරු ලැබී ඇතැයි පොලීසිය පවසයි. සැකකරුවන් කළුතර, ගල්පාත ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගැනිණ. අත් බෝම්බයක් ටී.56 වර්ගයේ ගිනිඅවි සඳහා භාවිත කළ හැකි පතරොම්, එල්.එම්.ජී.වර්ගයේ ගිනිඅවි සඳහා භාවිත කළ හැකි පතරොම් ද සොයාගැනීමට පොලීසියට හැකිවිය.

    ඔවුන්ගෙන් එක් අයෙකු හොරණ, බැල්ලපිටිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. අනෙක් පුද්ගලයා, කළුතර ගල්පාත ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වේ. ඔවුන්ගෙන් එක් අයෙකු මීට පෙර විවිධ වැරදි සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගත වූවෙක් බ ව, අනාවරණය වී තිබේ.

    Latest News