ඒ මහතා මේ බව කියා සිටියේ කොරෝනා රෝග ව්‍යාප්තිය වැළැක්වීම සම්බන්ධයෙන්, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත ලිපියක් යොමු කරමින්. එමෙන්ම රෝග ව්‍යාප්තිය වැළැක්වීම සහ වසංගත තත්වය නිසා මතුවන සමාජ, ආර්ථික ගැටලු අවම කරගැනීමට නම්, සියලු දෙනාට පිළිගත හැකි පරිපූර්ණ සැලසුමක් අවශ්‍ය බව තම විශ්වාසය යැයි ඒ මහතා පවසයි. රෝග ව්‍යාප්තිය වැළැක්වීමට රජය දැනටමත් සැලසුම් සකස් කර ඇති බව මාධ්‍ය ඔස්සේ වාර්තා වී ඇති බවත්, එම සැලැස්ම ප්‍රසිද්ධ කිරීමෙන් ජනතාව අතර පැතිර යන බිය තුරන් කළ හැකි බව අදාළ ලිපියෙන් රනිල් වික්‍රමසිංහ මහතා පෙන්වා දෙයි.