අපනයන සංවර්ධන මණ්ඩලය පාරිභෝගිකයින් සඳහා උපකාරක කවුළුවක් පිහිටුවයි

පෙබ 19, 2020

    ශ්‍රි ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය අපනයනකරුවන්ට, ව්‍යවසායකයින්ට සහ මහජනතාවට රජයේ වැඩකරන දිනවල කඩිනම් තොරතුරු ලබා ගැනීම සදහා පාරිභෝගික උපකාරක කවුළුවක් ස්ථාපිත කර ඇත.

    මෙම පියවර ගෙන ඇත්තේ අපනයන සේවාවන්හි කාර්යක්ෂමතාව සහ එලදායීතාවය උපරිම කිරීම සහ වෙනත් අදාළ ආයතන පිළිබඳ අවශ්‍ය මග පෙන්වීම් ලබා දීම සඳහා බව අපනයන සංවර්ධන මණ්ඩලය නිවේදනයකි නිකුත් කරමින් සඳහන් කරයි.

    මේ යටතේ අපනයන ක්ෂේත්‍ර‍යන්ට අදාල ඕනෑම පාරිභෝගික කටයුත්තක් සඳහා පෙරවරු8.30 සිට පස්වරු 4.15 දක්වා සහය ඉල්ලා සිටීමට මහජනයාට 0112300710 අංකයෙන් හෝ This email address is being protected from spambots. You need JavaScript enabled to view it. විද්‍යුත් තැපෑලෙන් සම්බන්ධ විය හැකිය.

    Latest News