එළුන්කුලම, සපත්තු පාලමෙන් ජලය ගැලීම නැවතීමට පියවර

පෙබ 13, 2020

    එළුවන්කුලම,කළාඔය සපත්තු පාලම ඇතුලින් ජලය ගලා ඒම සම්බන්ධව එය අවම කර ගැනීමට හැකි සෑම උත්සහයක්ම ගන්නා බව පුත්තලම දිස්ත්රියක් ලේකම් චන්ද්‍රසිරි බණ්ඩාර මහතා පවසයි.

    පසුගියදා එම ස්ථානය නිරීක්ෂණය කිරීමෙන් අනතුරුව ඒ මහතා වැඩිදුරටත් සදහන් කළේය. දැනට මෙම ස්ථානයෙන් ජලය ලබා ගන්නා ජනතාවට හා ගොවීන් අපහසුතාවයට පත් නොවන ආකාරයට හැකි සෑම පියවරක් ගැනීමට, වාරිමාර්ග දෙපාර්තුමේන්තුව ඇතුළු අදාළ අංශ සියල්ල දැනුවත් කල බවත්, ඔහු ප්‍රකාශ කළේය.

    වැලි කොට්ට ගසා යම් බාධකයක් ඇති කොට මෙම ස්ථානයේ ජලය සුදුසු පරිදි රැගෙන යාමත්, තැලවිල්ල යටින් ජල කද යාම පිළිබඳව නීරීක්ෂණයත් කඩිනමින් සිදු කරණ බවත් ඔහු වැඩිදුරටත් සදහන් කළේය.

    වාරිමාර්ග දෙපාර්තුමේන්තුවේ උපදෙස් මත දැනටමත් යුධ හමුදා නිළධාරින්, විවිධ ගොවි සංවිධානවල සමාජිකයින් රැසක් විශාල පරිශ්‍රමයක් දරා මෙම ස්ථානයේ වැලි කොට්ට යොදා ජලය ගලා යාම වළක්වාලීමට කටයතු කරයි.

    Latest News