මෙරට ජනතාවගේ යහපැවැත්ම, සංහිඳියාව, සහජීවනය වර්ධනය කරමින් සමාජීය ප්
රගමනය තහවුරු කිරීම සඳහා පරිවර්තනීය මුලපිරීමක් ලෙසත් පාරිසරික මෙන්ම ආචාර ධාර්මික නව දිශාගත වීමක් ලෙසත්
'ක්ලීන් ශ්
රී ලංකා' ව්
යාපෘතිය ක්
රියාත්මක කර ඇති මොහොතක තෛපොංගල් උත්සවය සමරනු ලැබීම සතුටට කරුණක් බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසනවා.
තෛපොංගල් උත්සවය වෙනුවෙන් සුබපැතුම් පණිවිඩයක් නිකුත් කරමින් ජනාධිපතිවරයා පවසන්නේ රට තුළ ජනිත නව උද්යෝගයත් සමග ලස්සන ජීවිතයට බලාපොරොත්තුව සිත්දරා නව වසරේ නව ජවයකින් ඉදිරියට යාමට ශ්‍රී ලාංකික අප සැමට අවස්ථාව උදා වී ඇති බවයි.
රටත් ජනතාවත් වෙනුවෙන් බොහෝ යහපත් දේ ඉටුකිරීමට ප්‍රතිඥා දෙමින් භාරගත් රටේ වගකීම එලෙසම ඉටු කිරීමට බාධක මැද වුව ද පසුනොබසින වීර්යයෙන් සහ අධිෂ්ඨානයෙන් කැපවී සිටින බවද ජනාධිපතිවරයා පැවසුවා.
මේ අතර එකිනෙකා අගය කිරීම සහ කෘතගුණ සැලකීමේ උතුම් ගුණාංග උදෙසා දමිල ප්‍රජාව විසින් සෑම වසරකම ජනවාරි මාසයේ සමරන තෛපොංගල් උත්සවය සැබෑ සංස්කෘතික වටිනාකම කියාපාන්නක් බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පවසන්නීය.
තෛපොංගල් උත්සවය වෙනුවෙන් සුබපැතුම් පණිවුඩයක් නිකුත් කරමින් අග්‍රාමාත්‍යවරිය පවසන්නේ රටක් වශයෙන් අප සුවිශේෂි සංධිස්ථානයට එළඹ ඇති අතර ව්‍යුහාත්මක සහ ප්‍රතිපත්තිමය වෙනසක් මෙන්ම ආකල්පමය වෙනසක් ද ඇතිකරමින් පුනරුද යුගයක් කරා රට ගෙනයාමේ දැවැන්ත මෙන්ම භාරදුර වගකීම රජය භාරගෙන ඇති බවයි.