චීනයේ නිරෝධායනයට යොදාගත් ගොඩනැගිල්ලක් කඩා වැටේ

මාර් 08, 2020

    කොරෝනා වෛරස් රෝගීන් නිරෝධායන කිරීමට යොදාගත් චීනයේ ගුවුන්ෂැ නගරයේ පස් මහල් හෝටලයක් කඩා වැටීමෙන් 70 දෙනෙක් ඒ තුළ හිරවී ඇති බවයි, චීන මාධ්‍ය වාර්තා කරන්නේ.

    කඩා වැටුණු හෝටලයේ සිටි 34 දෙනෙකු බේරා ගැනිණ. අනෙක් අය බේරාගැනීම සඳහා මෙහෙයුම් ක්‍රියාත්මකයි. එසේම චීනයේ කොරෝනා වෛරස් රෝගීන්ට ප්‍රතිකාර කිරීම සඳහා තාවකාලිකව යොදාගත් රෝහලක් වසා දැමීමට බලධාරීන් පියවර ගනු ලැබීය. ඒ එහි සිටි රෝගීන් බහුතරයක් සුව අතට හැරීම හා අනෙකුත් රෝගීන් වෙනත් රෝහල්වලට මාරුකර යැවීම හේතුවෙන්.

    චීන අගමැති ලී-කිච්යෑන් සඳහන් කරන්නේ, කොරෝනා වෛරසය පාලනය කිරීමට අන්තර් ජාතික සහයෝගීතාව ඉහළ නැංවීමට ක්‍රියාකරන බවයි. වෛරසයෙන් සිදුවන හානි අවම කරගැනීමට සහ ආර්ථික සංවර්ධනය සඳහා අන්තර්ජාතික ගුවන් භාණ්ඩ ප්‍රවාහන ආයතනවල සහයෝගය අපේක්ෂා කරන බවයි, අගමැතිවරයා සඳහන් කළේ. මේ වන විට කොරෝනා රෝගීන් ලක්ෂය ඉක්මවා ඇති අතර, චීනයට පිටතින් රටවල් 93කින් රෝගීන් වාර්තා වී තිබේ. චීනයට පිටතින් වාර්තා වී ඇති රෝගීන් සංඛ්‍යාව 21 දහස ඉක්මවයි.

    Last modified on ඉරිදා, 08 මාර්තු 2020 10:54

    Latest News