ඉතාලියේ සියලු පාසල් වසා දැමේ..'කොවිඩ් 19' මරණ107ක්

මාර් 05, 2020

    'කොවිඩ් 19' නොහොතේ කොරෝනා වෛරසය පැතිරීම පාලනය කිරීම සඳහා අද සිට දින 10ක කාලයක් සියලුම පාසල් වසා දැමීමට ඉතාලිය තීරනය කර තිබේ.

    යුරෝපයේ කොරෝනා වෛරසයෙන් දැඩිව බලපෑමට ලක්ව ඇති ඉතාලියේ මියගිය සංඛ්‍යාව 107ක්. ඉතාලි අග්‍රාමාත්‍ය ගුසෙප් සඳහන් කර ඇත්තේ, සෞඛ්‍ය සේවය ද වෛරසය හේතුවෙන් අවදානමට ලක්ව ඇති බවයි. කොරෝනා වෛරසය හේතුවෙන් ලොව පුරා මිය ගිය සංඛ්‍යාව 3,200 ඉක්මවයි. ආසාදිතයන් සංඛ්‍යාව 95,000කට අධිකයි. රටවල් 84කට අධික සංඛ්‍යාවක වෛරසය ව්‍යාප්තව ඇති අතර සුවය ලැබූ පිරිස 53,000 ඉක්මවයි.

    චීනයෙන් පසුව වැඩිම කොරෝනා වෛරස් ආසාදිතයන් වාර්තා වන්නේ, දකුණු කොරියාවෙන්. එම සංඛ්‍යාව 5,600කට අධිකයි. කෙසේ වෙතත්, ඉරානයෙන් චීනයට අනතුරු වැඩිම මරණ පසුගිය දිනවල වාර්තා වුණත් මේ වන විට වැඩිම මරණ වාර්තා වූ රට බවට වාර්තා වී ඇත්තේ ඉතාලියයි. ඉරානයෙන් මේ වන විට වාර්තා වී ඇති මරණ සංඛ්‍යාව 92ක්. ස්ලෝවේනියා සහ හංගේරියාවෙන් පළමු වරට කොරෝනා වෛරස් ආසාදිතයන් හමුවී තිබේ.

    Last modified on බ්‍රහස්පතින්දා, 05 මාර්තු 2020 10:26

    Latest News