දකුණේ ආසාදිතයින් 883 ඉක්මවයි

දෙසැ 29, 2020

    දකුණු පළාතෙන් ඊයේ (28) වාර්තා වූ කොරෝනා ආසාදිතයින් 9 දෙ‍නෙක් මේ වන විට එම පළාතෙන් වාර්තාවන සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 883ක් දක්වා ඉහළ ගොස් තිබේ.

    ගාල්ල දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 492ක්,මාතර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 316ක් හා හම්බන්තොට දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 75ක් ලෙස වාර්තා වී ඇති බවයි වාර්තා වන්නේ.

    ඊ‍යේ වාර්තා වූ ආසාදිතයින් 9 දෙනා අතරින් ආසාදිතයන් දෙදෙනක් වාර්තා වී ඇත්තේ ගාල්ල දිස්ත්‍රික්කයෙන්. ඔවුන් දෙදෙනාම ගාල්ල මහ නගර සභා සීමාවෙන් වාර්තා වී තිබේ.

    මාතර දිස්ත්‍රික්කයෙන් ඊයේ දිනයේ වාර්තා වූ ආසාදිතයන් සංඛ්‍යාව 7ක් වන අතර ඔවුන් දෙවිනුවර සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයෙන් හමුව තිබේ.

    Latest News