මෙරටින් තවත් ආසාදිතයින් 460ක්

දෙසැ 30, 2020

    ගතවූ පැය 24 තුල මෙරටින් කොවිඩ්-19 ආසාදිත පුද්ගලයින් 460 දෙනෙක් හඳුනාගෙන තිබේ.

    එම පුද්ගලයින් අතරින් පුද්ගලයින් 4 දෙනෙක් විදේශගතව සිට මෙරටට පැමිණි දේශීය පුද්ගලයින් වෙයි. තවත් පුද්ගලයින් 3 දෙනෙක් විදේශ රටවල සිට මෙරටට පැමිණි විදේශිකයින් ලෙස වාර්තා වෙයි.

    ඉතිරි පුද්ගලයින් 453 දෙනා දේශීයව හඳුනාගත් පුද්ගලයින් ලෙස වාර්තා වෙයි. හඳුනාගත් ආසාදිතයින් අතරින් වැඩිම ආසාදිතයින් පිරිසක් කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වන අතර ඒ ආසාදිතයින් 249ක් ලෙසයි.

    ඊට අමතරව,ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 52ක් සහ මහනුවර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 38ක් ලෙස වාර්තා වෙයි. අනෙක් ආසාදිතයින් 114 දෙනා දිවයිනේ සෙසු දිස්ත්‍රික්ක වලින් වාර්තා වෙයි.

    Latest News