සත්ව කරුණාව පිරුපුන මිනිසෙක් (විඩියෝ)

පෙබ 13, 2019

    කිරිකැටි දරුවන් පවා මහ මඟ අතහැර දමා යන මව්වරුන් සිටින සමාජයක විෂඝෝර සර්පයින්ට පවා කරුණාව, මෛත්‍රීය දක්වන උතුම් මිනිසෙකු පිළිබඳව වාරියපොළ, මාස්පොත ප්‍රදේශයෙන් අපට වාර්තා විය.

    මේ සෙනජිත් හුණුකුඹුර මහතා. ඔහු වෘත්තියෙන් නව නිපැයුම්කරුවෙක්. දැඩි සත්ව කරුණාවක් ඇති සෙනජිත් මහතා විවිධ අනතුරුවලට ලක්වූ සතුන්ගේ දිවි ගලවා ගෙන තිබේ. සර්පයින් ඇතුළු සතුන්ට පරිසර සමතුලිතතාවය අත්‍යවශ්‍ය බව පවසන ඔහු විෂඝෝර සර්පයින්ගේ ජිවිත ද බේරාගෙන ඇත්තේ, තම ජිවිත අවදානම ද නොතකා බවයි වාර්තා වන්නේ.

    තුවාල වූ නාගයින්ට ප්‍රතිකාර කළ අවස්ථා හතරකදී ඔහුට නාගයින් දෂ්ඨ කර ඇත. මේ නිසා අසාධ්‍ය වී කුරුණෑගල මහ රෝහලේ දැඩි සත්කාර ඒකකයෙන් ප්‍රතිකාර ලබා ගැනීමට ද සෙනජිත් මහතාට සිදුවිය. සර්පයින් පමණක් නොව, සිව්පාවුන් ඇතුළු විවිධ සත්වයින්ට ද සෙනජිත් මහතා ප්‍රතිකාර කර තිබේ.

    Last modified on බදාදා, 13 පෙබරවාරි 2019 19:16

    Latest News