ස්කන්ධ කුමරු ආශිර්වාදයට කුමනින් කතරගමට (ඡායාරූප)

ජූනි 27, 2019

    කතරගම දක්වා පාදයාත්‍රා අදින් අරඹමින් දහසකට අධික බැතිමතුන් පිරිසක් අද කුමන වනෝද්‍යනය ඇතුල් වුයේය.

    කතරගම දෙවිඳුන් හට පූජෝපහාර දැක්වීමට දිවයිනේ නොයෙකුත් ප්‍රදේශ වලින් බැතිමතුන් මෙම ජුනි මාසයේ රුහුණු කතරගම පුරවරයට ඇදී එයි. රුහුණු කතරගම මහා පෙරහැර ජුලි මස 3 දා සිට 17 වැනිදා දක්වා පැවැත්වේ. ස්කන්ධ කුමරු වැඳිමට භාරහාර ඔප්පු කිරීමට ඇතිවී තිබෙන කායික ආබාදයන් සුවකර දෙන මෙන් යැද බාරයක් වීමට බැතිමතුන් රුහුණු කතරග මහා කඳසුරිඳු දේවාලයට පැමිණේ. තම භක්තිය කතරගම දෙවිඳුන්ට පෙන්වීමට විශාල බැතිමතුන් ප්‍රමාණයක් ඉතා දුෂ්කර මාර්ගයක තම දෙපයින් කිලෝමීටර් 100 වඩා පා ගමනින් ගමන්කර කතරගමට ලඟාවේ.

    පානම කුමන ජාතික වනෝද්‍යන සහ යාල ජාතික වනෝද්‍යන මැදින් වැටි ඇති ඉතා දුෂ්කර වන මංපෙතක් ඔස්සේ දින ගනනක් ගමන්කර බැතිමතුන් පා ගමනින් කතරගමට ලඟා වේ. දෙමල බැතිමතුන් විශාල ගනනක් පාදයාත්‍රාවට සහභාගි වුවද සිංහල බැතිමතුන්ද සැලකිය යුතු සංඛ්‍යාවක් දුෂ්කර වන මාර්ගය ඔස්සේ කඳසුරිඳු වැඳිමට එක්වේ. ස්කන්ධ කුමරු විවේක ගන්නා ස්ථානයක් ලෙස සැලකෙන කුඩාකැබැලිත්ත දෙවොලද කුඹුක්කන් ඔය අසබඩදි වන්දනා කරුවන්ට වැඳපුදා ගැනිමට හැකිවේ. පුරාණ වෘතාන්ත ජනප්‍රවාද පාදයාත්‍රාව වටා ගෙති පවති. යාපනය, මඩකලපුව, කල්මුනේ, අක්කර පත්තු ප්‍රදේශ වල සිට දෙමල බැතිමතුන් ද රටේ අනිකුත් ප්‍රදේශ වලින් සිංහල බැතිමතුන්ද පසුගිය වසරෙදි 23322ක් මෙම මාර්ගය ඔස්සේ පාදයාත්‍රාවේ යෙදි කතරගම බලා ගොස් තිබේ.

    padayathra5 px 900 19 06 27

    අද දින මෙම පාදයාත්‍රාව අරම්භ කල අවස්ථාවේදි 1598 දෙනෙක් කතරගම දක්වා ගමන් කිරිමට කුමන වනෝද්‍යනට අතුළු වු බව ආරක්ෂක අංශ සදහන් කර සිටි. දිවයිනේ නන්දෙසින් පැමිණෙන බැතිමතුන් පානම ඔකඳ මුරුගන් දේවාලයට එක්රැස්වේ. අද උදැසන හයට පමන ඔකඳ මුරුගන් දේවාලයට එසේ එක්රැස්වී සිට බැතිමතුන් කතරගම දෙවියන් හට බැති ගී ගායනා කර දෙවියන්ගේ අශිර්වාද ලබා පුජ උපහාර පැවැත්විමෙන් අනතුරුව පාදයාත්‍රාව සදහා පිටත් විමට සුදානම් විය.

    කුමන ජාතික කුරුලු අභය භූමිය ට ඇතුලු වීමට අවසර ලත් විගස කාණ්ඩ වශයෙන් ගමන් ආරම්භ කරයි. එසේ අවසරය ලැබෙන්නේ රුහුණු කතරගම මහා පෙරහැර ආරම්භ වීමට දින හතකට හො දින දහයකට පෙරය.

    padayathra px 900 19 06 27

    අද දින අම්පාර දිසාපති ඩි.එම්.එල් .බණ්ඩාරණයක මහතාගේ මුලිකත්වයෙන් කුමන ජාතික වනෝද්‍යානයේ දොරටු උදැසන හයට විවෘත කරනු ලැබු අතර ත්‍රිවිද හමුදාව සහ පොලිස් නිළධාරින්ද මෙම අවස්ථාවට එක්වුවේය. මෙම අවස්ථාවට පාර්ලිමේනතු මන්ත්‍රි අමාත්‍ය මනෝගනේෂන් මහතාද සහභාගිවිය. මෙහිදි අම්පාර දිසාපතිවරයා අදහස් දක්විමින් සදහන් කර සිටියේ පාදයාත්‍රාවට එක්වන බැතිමතුන් සදහා පානිය ජලය ආරක්ෂාව සහ සෞඛ්‍ය පහසුකම් ලබාදිමට සියළු කටයුතු සංවිධානය කර ඇති බවයි. අද සිට ලබන මස නව වෙනිදා දක්වා කුමන ජාතික වනෝද්‍යනය පාදයාත්‍රාව සදහා විවෘතව පවති.

     

    padayathra4 px 900 19 06 27

    padayathra3 px 900 19 06 27

     

     

     

     

     

     

     

     

     

     

     

     

    Last modified on බ්‍රහස්පතින්දා, 27 ජූනි 2019 17:35

    Latest News