ලොව කුඩාම බෞද්ධ ග්‍රන්ථය පිළිගැන්වේ

මැයි 27, 2019

    ලොව කුඩාම බෞද්ධ ග්‍රන්ථය ලෙස නිර්මාණය කර ඇති චූල පුස්ථක පිරුවානා පොත් වහන්සේ ඊයේ අමරපුර මහානිකායේ උත්තරීතර මහානායක කොටුගොඩ ධම්මාවාස මහනාහිමියන් වෙත පිළිගැන්වීම ගල්කිස්ස ධර්මපාලාරාමයේ දී සිදුවිය.

    එම පුස්ථකය විශේෂිත කරඬවක තැන්පතකර මහනාහිමියන් වෙත පිලිගැන්වීම එහි නිර්මාණ ශිල්පිනිය අතුරුගිරිය දහම් පාරමිතා පදනමේ සභාපතිනිය ප්‍රසාදි කෝදාගොඩ මැතිනිය අතින් සිදුවිය. ගිණිපෙට්ටියක ප්‍රමාණයේ මෙම පිරුවානා පොත් වහන්සේ තුල මහා පිරුවානා පොත් වහන්සේ තුල අන්තර්ගත සියලුම කරුණු අන්තර්ගත කර ඇතිබව නිර්මාණ ශිල්පිනිය පවසයි.

    මෙම පිළිගැන්වීමේ අවස්ථාවට අතුරුගිරිය දහම් පාරමිතා පදනමේ සාමාජිකයන් ද එක්වී සිටියා. එම අවස්ථාවේදී නිර්මාණ ශිල්පිනිය පවසා සිටියේ දිවයිනේ සියළුම විහාරස්ථානයන් සඳහා මෙම ග්‍රන්ථය ඇතුලත්ව කරඬු පූජා කිරීමට බලාපොරොත්තු වන බවයි.

    Last modified on සදුදා, 27 මැයි 2019 14:38

    Latest News