ශ්‍රී ලාංකීක තෙළිගු ජනතාවගේ මේ තොරතුරු දන්නවාද?

මැයි 24, 2019

    දිවයින පුරා විසිරී සිටින ඉන්දියානු සම්භවයක් සහිත තෙලිඟු ජනතාවට මුහුණ දෙන ගැටලු පිළිබඳව රජයට කරුණු කීමට ඔවුන්ගේ පාරම්පරික සංස්කෘතික සංදර්ශනයක් ඊයේ (23) කැකිරාව කලාවැව ධිවර ගම්මානයේ සූදානම් කර තිබිණි.

    ශ්‍රී ලංකාවේ තෙලිඟු ජනතාවගේ නායක කේ. ආර්. අනවත්තු මහතා විසින් මෙම සංස්කෘතික සංදර්ශනය සංවිධානය කර තිබිණ.

    theligupeople1 px 900 19 05

    දිවයිනේ ගම්මාන 7ක විසිදාහකට අධික ජීවත්වන තෙළිගු ජනතාවගේ රැහේ නායකයින් මෙම අවස්ථාවට එක්ව සිටි අතර සමාජ සේවා දෙපාර්තමේන්තුවේ ඉහළ නිලධාරීන් කණ්ඩායමක් ද සහභාගි කරවා ගැණින. පාරම්පරික තෙලිඟු ජනතාව ඔවුන්ගේ අතීතයේ සිට පවත්වාගෙන එන රැකියාවන් ප්‍රදර්ශනය කරමි

    theligupeople5 px 900 19 05

    සිය රැකියාවන්ට ඇති බාධා, නිවාස ප්‍රශ්න, පානීය ජල ගැටලු සහ විවිධ සමාජ අසාධාරණකම් පිළිබඳව බලධාරීන් දැනුවත් කිරීම විශේෂත්වයකි. ඉන්දියානු සම්භවයක් සහිත තෙලිඟු ජනතාව නයි නැටවීම, රිලව් නැටවීම, සාස්තර කීම, පිඹුරන් ප්‍රදර්ශනය ආදී රැකියා කරන බව ප්‍රදර්ශනය කරණ අතරතුර, වීශාල නාගයන් ප්‍රමාණයක් බලධාරීන් ඉදිරියේ නැටවීමට ඔවුන් ක්‍රියා කළහ. ශ්‍රී ලංකා තෙලිඟු ජන ගී සංදර්ශන ද බලධාරීන්ට ඉදිරිපත් කෙරිණ.

    theligupeople2 px 900 19 05

    theligupeople8 px 900 19 05

    පසුව තෙලිඟු ජනතාවට සිදුව ඇති අසාධාරණ කම් පිළිබඳව තඹුත්තේගම, කලාවැව, වව්නියාව, අම්පාර සහ මඩකලපුව යන ප්‍රදේශවලින් පැමිණි නියෝජිතයින් බලධාරීන්ට දැනුම් දෙනු ලැබිණ. ඉන් අනතුරුව රැහේ නායක කේ. ආර්. අනවත්තු මහතා මාධ්‍ය හමුවක්ද පැවැත්වීය.

    theligupeople6 px 900 19 05

    එහිදී ඔහු කියා සිටියේ තම රැහේ පිරිසේ පාසල් අධ්‍යාපනයට සහ රැකියාවන්ට බාධා එල්ල වී තිබෙන බවයි. තැන තැන ඇවිද ගොස් රැකියාව කරන තම ජනතාවට පසුගියදා එල්ල වූ බෝම්බ ප්‍රවහාරත් සමඟ බර පතල ප්‍රශ්න රැසකට මුහුණ පෑමට සිදුව ඇති බව ඔහු පෙන්වා දුන්නේය. සුළු ජන කොටසක් බැවින් රජයන්ගෙන් සැලකිල්ලක් නොමැති බවත් ඔහු කියා සිටියේය. නිවාස අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා නිවාස ලබාදීමට අවශ්‍ය පියවර ගෙන තිබුන ද ඉඩම් වල අයිතිය නොමැති බැවින් එය ද නැවතී ඇතැයි අනවත්තු මහතා සඳහන් කළේය. සතුන්ගෙන් රැකියාව කරද්දී සත්ව හිංසාව යටතේ නඩු දමන බවත්, සතුන් බස් වලරැගෙන යාමේදි පොලිසියෙන් බාධා එල්ල වන බව ඔහු පැවසියීය.

    theligupeople3 px 900 19 05

     

     

     

     

     

     

     

     

    Latest News