කඩොලාන රැකීමේ ගෝලීය ප්‍රමුඛයා සම්මානය ශ්‍රී ලංකාවට

මාර් 01, 2024
    කඩොලාන රැකීමේ ගෝලීය ප්රමුඛයා ලෙස එක්සත් ජාතීන්ගේ පරිසර සමුළුවේ හය වැනි සැසිවාරයේදී (UNEA-6) ශ්රී ලංකාව සම්මානයෙන් පිදුම් ලැබුවා.

    සමුළුව පැවැත්වුණේ, කෙන්යාවේ නයිරෝබි නුවර එක්සත් ජාතීන්ගේ පරිසර වැඩසටහන (UNEP) මූලස්ථානයේ දී.

    ශ්රී ලංකාව නියෝජනය කරමින් දේශගුණික විපර්යාස පිළිබඳ ජනාධිපති ජ්යෙෂ්ඨ උපදේශක රුවන් විජයවර්ධන මහතා ද සහභාගි වුණා.
     
    ජනාධිපති ජ්යෙෂ්ඨ අතිරේක ලේකම්, දේශගුණික විපර්යාස පිළිබඳ කාර්යාලයේ ප්රධාන විධායක නිලධාරී විශේෂඥ වෛද්ය අනිල් ජාසිංහ මහතා විසින් එහිදී ශ්රී ලංකාවට හිමිවූ සම්මානය ලබා ගත්තා.
     
    දේශගුණික විපර්යාස, ජෛව විවිධත්වයේ පරිහානිය සහ පරිසර දූෂණය යන ත්රිත්ව අර්බුද සඳහා විසඳුම් සෙවීමේ දී ගෝලීය සහයෝගිතාවයේ වැදගත්කම පෙන්වා දීම එක්සත් ජාතීන්ගේ පරිසර සමුළුවේ හය වැනි සැසිවාරයේ ප්රමුඛ අරමුණක් වුණා.
     
    සැසි වාරය නිල වශයෙන් ආරම්භ කිරීමට ප්රථම, රැස්වීමේ සාකච්ඡා සඳහා අවශ්ය පදනම සකස් කිරීම සඳහා එහි ස්ථිර නියෝජිතයන්ගේ විවෘත කමිටුව රැස් වූ අතර කඩොලාන ප්රතිසංස්කරණ ප්රයත්නයන්හිදී ශ්රී ලංකාව ගෝලීය ආදර්ශයක් බව එහිදී ඉස්මතු කෙරුණා.
     
    අනාගත පරපුර වෙනුවෙන් තිරසර සංවර්ධන ඉලක්ක ඉදිරියට ගෙන යෑම පිළිබඳ එක්සත් ජාතීන්ගේ පරිසර සමුළුවේ හය වැනි සැසිවාරයේ දී ප්රමුඛ අවධානයක් යොමු වූ අතර මිනිසා සහ සොබාදහම අතර නව සබඳතාවක් ගොඩනැඟීම පිළිබඳ සාකච්ඡාවන්ට එහි න්යාය පත්රයේ ප්රමුඛස්ථානයක් හිමි වුණා.
     
    පාරිසරික ගැටලු පිළිබඳව ද පුළුල්ව විමසා බැලෙන සහ ඒ වෙනුවෙන් කැපවූ ප්රධාන ගෝලීය සංසදය වන එක්සත් ජාතීන්ගේ පරිසර සමුළුව සුරක්ෂිත පරිසර පද්ධතියක් වෙනුවෙන් වූ තීරණාත්මක මුලපිරීම් සහ නවෝත්පාදන උපාය මාර්ගයන් සඳහා පුළුල් වේදිකාවක් සපයනු ලබනවා.
     
    රාජ්ය ආයතන, සිවිල් සමාජ සංවිධාන, පර්යේෂකයන් සහ විද්වතුන් සහභාගි වන මෙම සමුළුව පාරිසරික ප්රතිපත්ති සකස් කිරීමේ වේදිකාවක් ලෙස ද කටයුතු කරනවා.

    Latest News