තුන්මසක් තිස්සේ වස් වසා අවසානයේදී චීවර මාසය උදා වේ.
අජාසත්ත රජතුමාගේ අනුග්‍රහය ඇතිව මහා කාශ්‍යප මහ රහතන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් ආනන්ද, අනුරුද්ධ උපාලි යන මහරහතන් වහන්සේ ප්‍රධාන පන්සියයක් මහරහතන් වහන්සේලාගේ සහභාගිත්වයෙන් රජගහනුවර වේහාර පර්වතයේ සප්තපර්ණි ගුහාද්වාරය ඉදිරිපිට ඉදි කරවූ අලංකාර මණ්ඩපයකදී ප්‍රථම ධර්ම සංඝායනාව ආරම්භ කරන ලද්දේ ද නිකිණි පුන් පොහොය දිනයේදීය.
වස්සාන කාලය ලෙස නිකිණි පොහොයට පසුව උදා වන සමය හැඳින්විය හැකිය. පන්සල හා ගිහියන් අතර සබැඳියාව වඩාත් තහවුරු කිරීමට මේ පොහොය වැදගත් වේ.
මෙරට සුවිශේෂම සංස්කෘතික මංගල්‍යය වන මහනුවර ඇසළ මහා පෙරහැරේ අවසන් රන්දෝලි මහා පෙරහැර වීථි සංචාරය කිරීම අද දින සිදු කෙරේ.
බුදුරදුන්ගේ ලලාට ධාතූන්වහන්සේ නිධන් කර සේරුවාවිල දාගැබ තැනීම ආරම්භ කිරීම ද නිකිණි පොහෝ දිනකදී සිදුවිය. එමෙන්ම ඓතිහාසික සේරුවාවිල පෙරහැර ආරම්භ කරන්නේ නිකිණි පොහොයත් සමගම ය.
බුදුරජාණන් වහන්සේ විසින් නිකිණි පොහෝදා කළ ධර්ම දේශනා අතර මජ්ක්‍ධිම නිකායේ සඳහන් රාහුලෝවාද සූත්‍රය භාවනානුයෝගීන්ට ඉතාමත්ම ප්‍රයෝජනවත් වෙයි. මෙය උන්වහන්සේ දේශනා කරන ලද්දේ රාහුල පොඩි හාමුදුරුවන්ටය.
බුදුරදුන් දහහතර වන වස්කාලය සැවැත්නුවර දෙව්රම් වෙහෙරෙහි වැඩ සිටින කාලයේ එක් දිනක් උන්වහන්සේලා රාහුල පොඩි හාමුදුරුවන් සමග පිඬුසිඟා වැඩි සේක. එසේ වැඩම කර අතරමග දී මේ දේශනාව සිදු කර ඇත.