යාපනයේ සිසුන් පෝච්චි තුළ වැවූ මොරීෂස් අන්නාසි

අගෝ 30, 2022

    යාපනය හින්දු විද්‍යාලයේ සිසුන් පිරිසක් විසින් පෝච්චි තුළ මොරීෂස් වර්ගයේ අන්නාසි වගාවක් සාර්ථකව සිදු කර තිබේ.

    උසස් පෙළ විෂය ධාරාවේ ජෛව පද්ධති තාක්ෂණවේදය ඉගෙන ගන්නා සහ සාමාන්‍ය පෙළ විෂය ධාරාව හදාරණ කෘෂිකර්ම විෂය හදාරණ සිසුන් පිරිසක් විසිනුයි, මෙම වගාව සිදු කර ඇත්තේ.  

    පසුගිය වසරේ ආරම්භ කළ මෙම වගාව, අද වන විට සාර්ථක වීම නිසා හොඳ අස්වැන්නක් නෙලාගැනීමට හැකිව තිබෙනවා.  ජෛව පද්ධති තාක්ෂණවේදය උගන්වන ගුරුවරුන් වන නාගලිංගම් ශ්‍රීකරන්, කුමාරස්වාමි කැලෙයිතීපන් මූලිකත්වයෙන් මෙම වගාව ආරම්භ කර තිබෙනවා.

    ඔවුන් ප්‍රකාශ කරන්නේ, කුඩා ඉඩ ප්‍රමාණ ඇති ප්‍රදේශවල මෙම ක්‍රමයට අන්නාසි වගා කිරීම සාර්ථක ක්‍රමයක් බවයි. අනාගතයේ ඇති විය හැකි ආහාර හිඟයේදී පවා මෙවැනි බදුන් ක්‍රමයට වගා කිරීම තුලින් එය මඟහරවා ගැනීමට හැකි බව ද ඔවුන් ප්‍රකාශ කරනවා.

    එම විද්‍යාලයේ විදුහල්පති වන රද්නම් සෙන්දිල්මාරන් මහතා පවසන්නේ, මේ දිනවල අන්නාසි මිල ඉහළ ගොස් ඇති බැවින්, මෙම වගාවෙන් වැඩි ලාබයක් ලබා ගැනීමට හැකි වනු ඇති බවයි.

    Last modified on අඟහරුවාදා, 30 අගෝස්තු 2022 12:40

    Latest News