හීන් මැණිකාගේ දාරක ස්නේහය සහ ඇස් අඳ දියණියන් (විඩියෝ)

මාර් 03, 2019
  • කාන්තා දිනය යෙදෙන මේ මාසය තුළ අපි මොන තරම් කාන්තාවන් පිළිබඳ කතා කරනවද? එහෙත් අපේ නෙත නොගැටෙන, උදව් අවශ්‍ය කරන අසරණ කාන්තාවන් කොයිතරම් නම්, ජීවත් වෙනවද?

    මේ මව 87 හැවිරිදි බණ්ඩාර මැණිකා. ඇස් නොපෙනෙන තම දියණියන් පෝෂණය කිරීමට ඇය නොවිඳිනා දුකක් නැහැ. දෙඇස් අඳ වැඩි මහල් දියණිය මීට වසර කිහිපයකට පෙර මියගිහින්. දරුවන් කුඩා කාලයේදී සැමියා මියගොස් ඇති බවයි, බණ්ඩාර මැණිකා පවසන්නේ.

    එතැන් සිට අන්ධ දරුවන් පෝෂණය කරන්නට මේ මව තේ දළු නෙළිම ජිවිකාව කරගත්තා. එහෙත් ශරීර ශක්තිය හීන බැවින් එම රැකියාව කිරීමට ද අපහසු බවයි ඇය පවසන්නේ. මේ නිසා ඇයට සතියකට උපයාගත හැක්කේ රුපියල් 500ක් පමණයි. තමාගේ වියෝවෙන් පසු 46 හැවිරිදි සහ 40 හැවිරිදි දියණියන්ට අත්වන ඉරණම පිළිබඳව මේ මව පසුවන්නේ දැඩි කනස්සල්ලෙන්.

    බදුල්ල, බණ්ඩාරවෙළ මාර්ගයේ හාලි ඇළ සිට කන්දෙගෙදර මාර්ගයේ කැටවල, පතන කඩේ දක්වා ගමන් කළ විට මාර්ගය අසළ මේ අසරණ මවගේ නිවස පිහිටා තිබෙනවා. එම නිවස ද දැඩි ලෙස අබලන්. ප්‍රදේශයේ පිරිස් උදව් කළත්, නිසි බලධාරියෙකුගේ අවධානය නම් මේ පවුල වෙත යොමුවී නැහැ. පරිත්‍යාගශීලි ඔබට හැකිනම් මේ වියපත් මවට පිළිසරණක් වෙන්න. එය ඇයට මහත් සැනසීමක් වේවි.

     

    Last modified on ඉරිදා, 03 මාර්තු 2019 20:44

    Latest News