ආදර්ශවත් ආදරවන්තයෙක් (වීඩියෝ)

පෙබ 15, 2019

    වසර 18ක් තිස්සේ රෝගාතුර තම බිරිඳ ආදරයෙන් රැකබලාගන්නා ආදරනීය සැමියෙක් පිළිබඳ සූරියවැව ප්‍රදේශයෙන් වාර්තාවේ.

    ආදරවන්තයින්ගේ දිනයට ආදර්ශයක් ලබාදෙමින් තම රෝගාතුර බිරිඳ වසර 18ක් තිස්සේ රැකබලාගන්නා ජගත් සුසන්ත සූරියවැව දෙයියන්දර යාය ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

    මීට වසර 18කට පෙර විවාහ වූ අනෝමා චාන්දනී වන ඔහුගේ බිරිඳ මස් දිය වීමේ රෝගයකින් පෙලෙන්නට වූයේ විවාහ වී මාස දෙකකට පසුවය. නමුත් ඔහු ඇයගේ සියලු ඇප උපස්ථාන කරමින් ඇයව හැර දමා නොගොස් රැක බලා ගනී.

    රැකියාවකට යාමට නොහැකිව දැඩි ආර්ථික දුෂ්කරතා රැසකට මුහුණ දෙමින් කෙසේ හෝ තම බිරිය සුවපත් කරගන්නා අරමුණ පෙරදැඩිව ඔහු ජීවිතයට මුහුණ දෙන්නේ ලොවටම ආදර්ශයක් වෙමින්.

    Latest News