වසර 33ක මාධ්‍ය මෙහෙවරට විනිතා කරුණාරත්නට සම්මානයක්

මාර් 03, 2021

    බස්නාහිර පළාත් විශ්වාභිනන්දන කලා උපහාර උළෙලේ කළුතර දිස්ත්‍රික් උපහාර උත්සවය පසුගියදා බණ්ඩාරගම දී පැවැත්විණ.

    එය සංවිධාන කෙරුණේ 5 වැනි වරටයි. කොරෝනා වසංගතය හේතුවෙන් බස්නාහිර පළාත් විශ්වාභිනන්දන කලා උපහාර උත්සවය දිස්ත්‍රික්ක වශයෙන් පැවැත්විණ.

    රූපවාහිනි සංස්ථාවේ ජ්‍යෙෂ්ඨ වැඩසටහන් නිෂ්පාදිකා විනීතා කරුණාරත්න මහත්මියගේ 33 වසරක මාධ්‍ය මෙහෙවර වෙනුවෙන් මෙහිදී සම්මාන හිමිකර ගත්තාය.

    දයා රෝහණ අතුකෝරල මහතා ඇතුළු කලාකරුවන් රැසක් ද සම්මානයෙන් පිදුම් ලැබීය. උත්සවය සංවිධාන කළේ, බස්නාහිර පළාත් සංස්කෘතික ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍යාංශයයි.

    Latest News