" (දැකුම් ) කලු වලස් කොල්ලෝ සහ Apple ගෙඩි"

පෙබ 18, 2021

    මේ පිංතූරයේ අප දකින්නේ, Isaac Newton ගේ හිස මත වෑටුණු ඇපල් ගෙඩි හෝ ඇපල් වලින් පරිගණක , i phone හදපු Steve Jobsට හිමි ඇපල් නොව Donald Trumpගේ මැතිවරණ බල ප්‍රදේශයක්වන New Hampshire ප්‍රදේශයේ වලස් නවාතැනේ වැවුනු ඇපල්ය.

    Natgeo - Instagram profileහි තිබූ මේ වලස් පිංතූරය බිහිවූයේ stevewinterphoto & Mike McGrovenගේ කාචය තුලිනි.

    නුහුරු නුපුරුදු දසුනක් වූ මෙහි සිටින්නේ තම මවුවරුන් අහිමිවීම හේතුවෙන් ජීවිත අවදානමට පත්වී මෙම Kilham bear Centre නම් වලස් නිවෙස්නය වෙත රැගෙන ආ වලස් පැටවුන්ය.

    මෙයට වසර 25කට පෙර ආරම්භ කරන ලද මෙම Kilham Bear මධ්‍යස්ථානය , දැකුම්-කලු පෝතකයන් සිය ගණනකට උස් මහත්වීමට උපකාරී වී තිබෙනවා. මෙහිදී ඔවුන්ගෙ කැපකරු මාපියන් වන්නේ මෙහි පුරෝගාමියා Ben Kilham මහත්මයා සහ ඔහුගෙ බිරිඳ Deb මහත්මියයි. එමෙන්ම Deb මහත්මියගේ සොයුරියත් උපරිමයෙන් මේ දැකුම් කලු වලස් ගැටව් හට බොහෝසේ වෙහෙස මහන්සිවී ආදරය පොවන්නීය.

    " Kilham වලස් මධ්‍යස්ථානය වෙත පැමිනීමට ලැබිම ඔවුන්ගේ වාසනාවක්. ඒ නිසාම ඔවුන්ට ඇපල් කන්න වගේම නිසිකලට වලස් ඉළන්දාරීන් ලෙස කර පළල් වෙන්නත් , උස් මහත් වෙන්නත් හැකියාව ලැබී තිබෙනවා. එමෙන්ම නුදුරු අනාගතයෙදීම මොවුන්ට සැබෑ වනයට ගොස් බරපතල වලස් ජීවිතයක් ආරම්භ කරන්නත් සිදු වෙනවා.

    එතෙක් මේ අක්කර 08 1/2 කට මදක් වැඩි මේ වලස් ගමේ ඔවුන් හොඳින් වැඩේවී" මෙසේ කියන්නේ මෙම වලස් නිවෙස්නයේ හිමිකරු වන Ben Kilam.

     

    Latest News