පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා විසින් රචිත "නැත්ත වෙනුවට ඇත්ත" ග්‍රන්ථය සඳහා ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩලයට අයත් ලිපි ලේඛන ඇතුළත් කිරීමට වැරදිකරු වෙයි.

එම පක්ෂයේ අවසරයකින් තොරව අදාළ තොරතුරු ඇතුලත් කිරීම තුලින් වීරවංශ මහතා බුද්ධිමය දේපළ පනත උල්ලංඝනය කර ඇතැයි කොළඹ වාණිජ මහාධිකරණය තීන්දු කළේය.

ඒ වෙනුවෙන් විමල් වීරවංශ මන්ත්‍රීවරයා විසින් ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා වෙත රුපියල් මිලියන 10 ක වන්දියක් ගෙවිය යුතු බවට වාණිජ මහාධිකරණ විනිසුරු රුවන් ප්‍රනාන්දු මහතා තීන්දුවෙන් සඳහන් කළේය.

නඩුව ගොනු කළේ ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා වන අතර මේ සඳහා දීර්ඝ නඩු විභාගයක් පැවැත් විණ.

පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට එරෙහිව ඉදිරිපත් කළ පෙත්සම් විභාගයේ තීන්දුව කඩිනමින් ලබාදෙන ලෙස, හෙට නීතිපති මගින් අගවිනිසුරු නලින් පෙරේරා මහතාගෙන් ඉල්ලීමක් කරන බව, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා දැනුම් දී තිබේ.

පාර්ලිමේන්තු සභා වාරයට සහභාගී නොවීමට ආණ්ඩු පක්ෂය ගත් තීරණය සම්බන්ධයෙන් දැනුවත් කිරීමේ මාධ්‍ය සාකච්ජාවක් පාර්ලිමේන්තු පරිශ්‍රයේ දී පැවැත්විණ.

රුපියල් මිලියන 75  කට ආසන්න වත්කම් අයථා ලෙස උපයා ගත්තේ යැයි චෝදනා එල්ල වී සිටින  පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතාට එරෙහිව අල්ලස් කොමිසම ගොනු කර තිබෙන නඩුව ජනවාරි මස 14 වන දා කැඳවන මෙන් කොළඹ මහාධිකරණය නියම කළේය.

Latest News