ගිනිකොණ දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව වර්ධනය වී ඇති අඩු පීඩන තත්ත්වය ඉදිරි පැය 24 තුළ පීඩන අවපාතයක් දක්වා වර්ධනය විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

ගිණිකොණදිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පීඩන අවපාතයක් නිසා අනිද්දා (23) සිට ලබන 25 වැනිදා දක්වා උතුර,නැගෙනහිර හා උතුරු මැද පළාත්වලට මිලිමීටර් 150 ඉක්මවූ තද වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

උතුරු සහ උතුරු මැද පළාත්වලත් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේත් ඇතැම් ස්ථානවලට මි.මී 300ට වැඩි ඉතා තද වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව රතු අනතුරු ඇඟවීමේ නිවේදනයක් නිකුත් කරමින් පෙන්වා දෙයි.

බස්නාහිර, සබරගමුව, දකුණ, වයඹ සහ මධ්‍යම පළාත්වලඇතැම් ස්ථාන වලට මි.මි.100 ක පමණ තද වැසි ඇතිවිය හැක.

දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි වර්ධනය වීමට වඩා සුදුසු වායුගෝලීය තත්වයක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

ඌව, නැගෙනහිර, මධ්‍යම සහ උතුරු මැද පළාත්වලත්, හම්බන්තොට, මුලතිව් සහ වවුනියා දිස්ත්‍රික්කවලත් සවස 2.00 න් පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

බස්නාහිර, මධ්‍යම,සබරගමුව හා දකුණු පළාත්වල වැසි වාර කිහිපයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

අද කාලගුණය

සැප් 01, 2024

බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ දකුණු පළාත්වල වැසි වාර කිහිපයක් ඇතිවන බව කාළගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

බස්නාහිර,සබරගමුව,මධ්‍යම හා වයඹ පළාත්වලත්,ගාල්ල හා මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි අපේක්ෂා කළ හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

Latest News