මුහුදු ප්‍රදේශවලට අදත් වැසි

නොවැ 20, 2021

    බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කීපයක් ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමෙන්තුව පවසයි.

    දිවයිනේ සෙසු ප්‍රදේශවල විශේෂයෙන් සවස් කාලයේදී හෝ රාත්‍රි කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ.

    ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටී.

    මන්නාරම සිට කන්කසන්තුරය, ත්‍රිකුණාමලය සහ මඩකලපුව හරහා පොතුවිල් දක්වා වන මුහුදු ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව දන්වා තිබේ.

    දිවයින වටා වන මුහුදු ප්‍රදේශවල සුළං නිරිත දෙසින් හමා එන අතර සුළඟේ වේගය පැ.කි.මී. (20-40) පමණ වේ.

    කන්කසන්තුරය සිට මන්නාරම හරහා පුත්තලම දක්වා සහ ගාල්ල සිට හම්බන්තොට හරහාපොතුවිල් දක්වා වන මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය විටින්විට පැ.කි.මී. (45-55) පමණ දක්වා වැඩි විය හැක.

    කන්කසන්තුරය සිට මන්නාරම හරහා පුත්තලම දක්වා සහ ගාල්ල සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වන මුහුදු ප්‍රදේශ විටින් විට තරමක් රළුවේ. 

    Last modified on සෙනසුරාදා, 20 නොවැම්බර් 2021 10:02

    Latest News