පුද්ගලයෙකුට පොලුවලින් පහර දී කපා කොටා ඝාතනය කිරීමේ චෝදනාවට වරදකරු කෙරුණු විත්තිකරුවන් සිව් දෙනකුට කොළඹ මහාධිකරණය මරණීය දණ්ඩනය නියම කරයි.
පස්සර මීරියබැද්ද රක්ෂිතයේදී ඕලු මුවෙක් දඩයම් කළ පුද්ගලයෙක් ඒ සඳහා උපයෝගි කරගත් පතොරම් තුවක්කුවද සමග (7) දා සවස අත්අඩංගුවට ගත් බව පස්සර පොලිසිය පවසයි.
Update : ජාතික තව්හිද් ජමාත් සංවිධානය සමග සබඳතා පැවැත්වීමට අත්අඩංගුවට ගත් පානදුර ප්‍රදේශයේ මැණික් ව්‍යාපාරිකයා අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මැයි 10 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරේ.
රජයක් වශයෙන් ලබාදිය හැකි උපරිම ආරක්ෂවක් පාසල් සඳහා ලබාදෙන බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා අද (7) පාර්ලිමේන්තුවේ දී පැවසී ය.
ඔස්ට්‍රේලියානු මහ මැතිවරණ ප්රචාරක වැඩසටහනක් අතරතුර එරට අගමැති ස්කොට් මොරිසන් බිත්තර ප්‍රහාරයකට ලක්ව තිබේ.
අමෙරිකාවේ ඉහළම සිවිල් සම්මානය වන ජනපති නිදහස් පදක්කමෙන් සුපිරි ගොල්ෆ් ක්‍රීඩක ටයිගර් වුඩ්ස් පිදුම් ලැබීය.
මඩකලපුවේ ආරම්භ කිරීමට යෝජිත පෞද්ගලික විශ්වවිද්‍යාලය සම්බන්ධයෙන් තමන් පොලිස්පතිවරයාගෙන් වාර්තාවක් ඉල්ලා සිටිය බව, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.
අමෙරිකාව චීනය සමග එකම දිශාව කරා ගමන් කරමින් අන්‍යෝන්‍ය ගෞරවය පදනම්ව අන්‍යෝන්‍ය යහපත් පොදු ජයග්රහණයෙන් යුතු ගිවිසුමකට එළඹීම අපේකෂාව බව, චීන විදේශ අමාත්‍යංශ ප්‍රකාශක ගෙන්ග් ෂූවන්ග් මහතා පවසයි.
ජාතික තව්හීද් ජමාඅත් සංවිධානයට සම්බන්ධ විනිසුරුවරු සිටී නම් ඔවුන් අත්අඩංගුවට ගෙන වහාම පරීක්ෂණයක් සිදුකරන ලෙස ත්‍රස්ත විරෝධී ජාතික එකමුතුව අද අධිකරණ සේවා කොමිසම වෙත ඉල්ලීමක් ඉදිරිපත් කර තිබේ.