මීළඟ වෙළඳ සාකච්ඡාව සඳහා ඇමරිකාව බලා පිටත් වීමට චීන නියෝජිත කණ්ඩායම සූදානම්

මැයි 07, 2019

    අමෙරිකාව චීනය සමග එකම දිශාව කරා ගමන් කරමින් අන්‍යෝන්‍ය ගෞරවය පදනම්ව අන්‍යෝන්‍ය යහපත් පොදු ජයග්‍රහණයෙන් යුතු ගිවිසුමකට එළඹීම අපේකෂාව බව, චීන විදේශ අමාත්‍යංශ ප්‍රකාශක ගෙන්ග් ෂූවන්ග් මහතා පවසයි.

    එළඹෙන 10 වැනි දින සිට ඇ.ඩො. බිලියන 200 ක වටිනාකමෙන් යුත් චීන වෙළඳ භාණ්ඩ කෙරෙහි පැනවූ අතිරේක තීරුබදු අනුපාතය සියයට 10යේ සිට 25 දක්වා වැඩි කරන බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ‍ට්‍රම්ප් ඊයේ (06) ප්‍රකාශ කළේය.

    ඒ පිළිබඳ නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ගෙන්ග් ෂූවන්ග් මහතා ප්‍රකාශ කළේ එවැනි ප්‍රකාශ කිහිපවතාවක් මතු වූ බවයි.

    මීළඟ වෙළඳ සාකච්ඡාව සඳහා අමෙරිකාව බලා පිටත්වීමට චීන නියෝජිත කණ්ඩායම සූදානමින් සිටින බව ද චීන විදේශ අමාත්‍යංශ ප්‍රකාශක ගෙන්ග් ෂූවන්ග් මහතා එහිදී ප්‍රකාශ කළේය.

    Latest News