පසුගිය පාස්කු ඉරිදා එල්ල වූ ත්‍රස්තවාදී ප්‍රහාරයෙන් පසු රටේ පවතින තත්ත්වය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ සභාව කල්තබන අවස්ථාවේ විවාදයේදී අදහස් දැක්වූ ජනාධිපතිතුමා
ඉස්ලාමීය අන්තවාදී ක්‍රියා සම්බන්ධයෙන් අත්අඩංගුවට ගනු ලැබූ සිව් දෙනෙකු දින 90ක් රඳවා ගෙන ප්‍රශ්න කිරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය පොලිසියට අද අවසර ලබාදුන්නේය.
ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තය ශක්තිමත් කිරීම සඳහා, විශේෂ සහන පැකේජයක් හඳුන්වාදීමට රජය පියවර ගෙන තිබේ.
සියලු වරායන්වල ආරක්ෂාව දැඩි කිරීමෙන් වරාය තුළින් වැරදි කටයුත්තක් සිදුවන්නේ නම් එය වළක්වා ගැනීමටත්, රටේ ආර්ථිකයට බලපෑමක් ඇති නොවන්නටත් කටයුතු සකස් කොට තිබෙන බව නාවික හමුදාපති වයිස් අද්මිරාල් පියල් ද සිල්වා මහතා විශේෂ ප්‍රකාශයක් කරමින් සඳහන් කරයි.
ම්ලේච්ඡ ත්‍රස්තවාදී අත්දැකීමට මුහුණදීමෙන් පසු ශ්‍රී ලංකාව මේ වන විට යථා තත්ත්වයට පත්වෙමින් තිබෙන අතර ආරක්ෂක අංශවල සාර්ථක මෙහෙයුම් සමඟ ඉදිරි දින කිහිපය තුළ දී ත්‍රස්ත අභියෝගය ශ්‍රී ලංකාවෙන් තුරන් වනු ඇති බව ජනාධිපතිතුමා පවසයි.
මඟීන්ගේ ආරක්ෂාව වෙනුවෙන් ගත හැකි සියලු පියවර ගුවන් හමුදාව විසින් සැලසුම් සහගතව ක්‍රියාත්මක කළ බවත් රටේ ජනතාවගේ ආරක්ෂාව තහවුරු කිරීම පිණිස ගුවන් හමුදාව අවශ්‍ය සහයෝගය ලබා දෙන බවත් ගුවන් හමුදාපති එයාර් වයිෂ් මාර්ෂල් කපිල ජයම්පති මහතා විශේෂ ප්‍රකශයක් කරමින් සඳහන් කරයි.
අසත්‍ය ප්‍රචාර විචාර බුද්ධියකින් යුතුව තෝරා බේරා ගන්නා ලෙසත් අනවශ්‍ය බියක් ඇතිකර නොගන්නා ලෙසත් ත්‍රිවිධ හමුදාව සහ පොලීසිය ආරක්ෂාව සඳහා ඇප කැප වී සිටින බවත් යුද්ධ හමුදාපතිවරයා ප්‍රකාශ කරයි.
මුස්ලිම් ප්‍රජාව මෙවැනි ම්ලේච්ඡ පහත් ක්‍රියාවකට මෙන්ම මේ වගේ සංකල්පවලට කිසිදු සහයෝගයක් ලබා නොදෙන බවත් සැලසුම් සහගත මේ කුමන්ත්රණයේ ජාත්‍යන්තර බලවේග හඳුනාගත යුතු බවද අමාත්‍ය රාවුෆ් හකීම් මහතා අද (7) පාර්ලිමේන්තුවේ දී පැවසී ය.
ජනජීවිතය යථා තත්වයට ගැනීමට ගත හැකි සියලු පියවරක්ම ගන්නා අතර රටේ ආරක්ෂාව තහවුරු කර බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද (7) පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශයක් කරමින් පැවසී ය. ගෝලීය ත්‍රස්තවාදය පරාජය කිරීමට සියලු රටවල් ජාත්‍යන්තර වශයෙන් එකතු විය යුතුයි යැයි ඔහු කියා සිටියේය.
තවදුරටත් අඳහස් දැක්වූ අග්‍රාමාත්‍යවරයා
මේ වනවිටරටේ ආරක්ෂක තත්ත්වය යහපත් තත්වයට ගෙන ඒමට හැකි වී තිබෙනවා. දැන් තිබෙන්නේ, ප්‍රහාරකයින් සමඟ සමීප සබඳතා පැවැත්වූ අය අත් අඩංගුවට ගැනීමයි. ත්‍රිවිධ හමුදාපතිවරු හා පොලිස්පති මධ්‍ය දැනුවත් කළා. මේ ප්‍රහාර සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ලබාදුන් වර්තාව සභාගත කරන්නම්. මඩකළපුව උසස් අධ්‍යාපන ආයතනය පිළිබඳ වාර්තාවක් ලබාදෙන ලෙස පොලිස්පතිවරයාගෙන් ඉල්ලා සිටියා. හානි වූ දේපළ වෙනුවෙන් වන්දි මුදල් ගෙවීමට මුදල් ලබාදෙනවා. ජීවිත හානිවල මූලික වන්දි ගෙවීම සිදු කළා. හානියට පත් වූ දේවස්ථාන පිළිසකර කරනවා.
ජනජීවිතය යථා තත්වයට ගැනීමට ගත හැකි සියලු පියවරක් ම ගන්නවා. පාසල් දරුවන්ගේ පැමිණීම යහපත් තත්ත්වයට පත් වේ යැයි බලාපොරොත්තු වෙනවා. අනතුරු සම්පූර්ණයෙන් ම පහව ගොස් නැහැ. අප ගොඳුරු වී ඇත්තේ ගෝලීය ත්‍රස්තවාදයටයි. ගෝලීය ත්‍රස්තවාදය පරාජය කිරීමට සියලු රටවල් ජාත්‍යන්තර වශයෙන් එකතු විය යුතුයි.
ගෝලීය ත්‍රස්තවාදය පරාජය කිරීමට ජාත්‍යන්තර සහයෝගය ලබාගත යුතුයි.රටේ ආරක්ෂාව තහවුරු කරනවා. ජනජීවිතය කඩාකප්පල් කර තම පටු දේශපාලන අරමුණු ඉටු කිරීමට අප ඉඩ දෙන්නේ නෑ.විමසිල්ලෙන් කටයුතු කළ යුතුයි. ඒ සඳහා අත්වැල් බැදගන්නා ලෙස පාර්ලිමේන්තුවේ සැමගෙන් ඉල්ලා සිටිනවා.
මෙහිදී අග්‍රාමාත්‍යවරයා විසින් වැඩබලන පොලිස්පතිවරයා විසින් රටේ වත්මන් තත්ත්වය සම්බන්ධව ඉදිරිපත් කළ වාර්තාවක් ද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේ ය.