ජැක්සන්ගෙන් පණලැබූ පළමු ලෝක යුද දසුන් එළිදකී! (වීඩියෝ)

ඔක් 17, 2018
    පළමු ලෝක යුද සමයේදී ගෙන තිබූ වීඩියෝ දසුන් ප්‍රතිනිර්මාණය කරමින් සුප්‍රකට චිත්‍රපට අධ්‍යක්ෂකවරයෙකු වන පීටර් ජැක්සන් විසින් තනනු ලැබූ ‘දේ ෂැල් නොට් ග්‍රෝ ඕල්ඩ්’ (They Shall Not Grow Old) චිත්‍රපටය ඊයේ (16) දින ලන්ඩනයේදී එළිදැක්වුණි.
    මෙම චිත්‍රපටය එළිදක්වනු ලැබුවේ පළමු ලෝක යුද්ධය අවසන් වී සියවසක් ගතවීම නිමිත්තෙනි. 
     
    ජැක්සන් මහතා විසින් මෙම වාර්තා චිත්‍රපටය නිෂ්පාදනය කර ඇත්තේ පළමු ලෝක යුද සමයේදී ගෙන තිබූ වීඩියෝ දසුන් වලට වර්ණ හා ශබ්ද එකතු කරමිනි.
     
    මේ සම්බන්ධයෙන් අදහස් දක්වන් ජැක්සන් මහතා පවසා ඇත්තේ සිය සීයා ද පළමු ලෝක යුද්ධයේ සටන්බිමට පිවිසි බැවින් එම ගැටුම සම්බන්ධයෙන් තමා එකළ පටන් ඉතා උනන්දුවක් දැක්වූ බවයි.
     
    මෙම කර්තව්‍යය සඳහා ජැක්සන් මහතා මුදල් අයකර නොතිබීම තවත් විශේෂ කරුණකි.
     
    චිත්‍රපටය එළිදැක්වීමේ අවස්ථාවට බ්‍රිතාන්‍ය රජ පවුලේ විලියම් කුමරු ද එක්ව සිටි අතර, ඔහුට පීටර් ජැක්සන් මහතා රතු පලස මත හමුවූ අවස්ථාවේ වීඩියෝව මෙතනින් නරඹන්න.
     
    (වීඩියෝ : ඩේලිමේල්)
    Last modified on බදාදා, 17 ඔක්තෝබර් 2018 16:17

    Latest News