ජාත්‍යන්තරය ජයගත් නිර්මාණකරුවන් ඇගයීමක්

ජූනි 13, 2019

    මෙම වසරේ පැවති ජාත්‍යන්තර සිනමා හා රූපවාහිනී සම්මාන උළෙලවලදී විශේෂ සම්මානයට පාත්‍ර වූ සිනමාවේදීන් හා ජාතික රූපවාහිනියේ නිර්මාණකරුවන් ඇගැයීමේ වැඩසටහනක් පසුගියදා පැවැත්විණ.

    ඒ, නිවාස ඉදිකිරීම් හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේ දී. උත්සවය පැවැත්වුණේ, අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන්. ප්‍රංශයේ නීස් සම්මාන උළෙල, ජපානයේ ඔසාකා ආසියානු සිනමා උළෙල සහ 21 වැනි රුසියානු ඩිටෙක්ටිව් ෆෙස්ට් ජාත්‍යන්තර සිනමා හා රූපවාහිනී සම්මාන උළෙලවල දී සම්මාන හිමිකර ගත් ශ්‍රී ලාංකික සිනමා සහ රූපවාහිනී නිර්මාණවේදීන් මෙහිදී ඇගයීමට පාත්‍ර වූහ.

    ඒ නීටා ප්‍රනාන්දු, නිල්මිණි සිගේරා, කුමාර කරව්දෙණිය, ආචාර්ය විසාකේස චන්ද්‍රසේකරම්, රංග බණ්ඩාරනායක, නිෂාදි රුවන්මලී, අතුල පීරිස්, ආර්.එම්.ශිරාන් රත්නායක යන කලාකරුවන්. පාංශු, අසන්ධිමිත්තා, නිහැඬියාව, අලි කතාව, හේමලයෝ, සිරිලක තේ රස යන නිර්මාණ මෙහිදී ඇගැයීමට ලක් කෙරිණ.

    Charpeson px 900 13 06 09

    ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ සභාපති ඉනෝකා සත්‍යාංගනී කීර්තිනන්ද මහත්මිය ඇතුළු පිරිසක් මේ අවස්ථාවට එක්වූහ.

    Latest News