මඩකලපුවට සූර්ය බලශක්ති ව්‍යාපෘතියක්

මාර් 12, 2024

    වසර 20 ක මෙහෙයුම් කාලසීමාවක් සඳහා ඉදිකිරීම, අයිතිය දැරීම සහ ක්‍රියාත්මක කිරීමේ පදනම මත මඩකලපුව, ඕට්ටමාවඩි ප්‍රදේශයේ මෙගාවොට් 100 ක සූර්ය බලශක්ති ව්‍යාපෘතියක් ස්ථාපනය කිරීමේ ව්‍යාපෘතිය “සෝලා ෆොර්ජ් බැටිකලෝ” වෙත ප්‍රදානය කිරීමට තීරණය කර තිබෙනවා.

    විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා විසින් ඉදිරිපත් කරන ලද ඊට අදාළ යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි වුණා.

    මෙරට වත්මන් ආර්ථික අර්බුදය තුළ විපතට පත් ප්‍රජාව සඳහා ක්‍ෂණික මානුෂීය ආධාර ලබාදීම සහ රටේ ආර්ථික තත්වය වැඩි දියුණු කිරීම සඳහා රාජ්‍ය අංශය සවිබල ගැන්වීම මගින් ජපාන රජය සිය සහයෝගීතාව පුළුල් කර තිබෙනවා.

    ඒ අනුව, ජපාන ආර්ථික හා සමාජ සංවර්ධන වැඩසටහන යටතේ ව්‍යාපෘති කිහිපයක් ක්‍රියාත්මක කිරීමට ජපන් යෙන් මිලියන 1,600 ක් එනම්, දළ වශයෙන් රුපියල් බිලියන 3.3 ක් ප්‍රදානය කිරීමට නියමිතයි.                                                       

    Latest News