කුළුබඩු ප්‍රතිඅපනයන ගැසට්ටුව අත්හිටුවයි

මාර් 12, 2024

    ගම්මිරිස් ඇතුළු කුළුබඩු වර්ග කිහිපයක් ප්‍රති අපනයනය සඳහා මෙරටට ආනයනය කිරීමට අවසර දීමට රජය විසින් පළ කළ ගැසට් නිවේදනය අත්හිටුවීමට තීරණය කර තිබෙනවා.

    ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් ඊයේ  පැවති අමාත්‍ය මණ්ඩල සාකච්ඡාවේදී අමාත්‍ය මහින්ද අමරවීර මහතා අදාළ ගැසට් නිවේදනය සම්බන්ධයෙන් තම විරෝධතාව පළ කළා.

    ගම්මිරිස්, සාදික්කා, වසාවාසි, කහ,  ඉඟුරු, කරදමුංගු ආදි මෙරට වැවෙන කුළුබඩු වර්ග කිහිපක් ප්‍රති අපනයනය සඳහා මෙරටට ආනයනය කිරීමට  අවසර දෙමින්, රජය විසින්  පසුගියදා මෙම ගැසට්  නිවේදනයනිකුත් කළා.

    කුළුබඩු වර්ග  ප්‍රති අපනයනය සඳහා ආනයනයට අවසර දීම මගින් දේශීය කුළුබඩු ගොවියා අධෙර්යමත් වන බවත්, එමගින් දේශීය කුළුබඩු නිෂ්පාදන වගාව බිඳ වැටෙන බවත් ‍අමාත්‍යවරයා මෙහිදී පෙන්වා දුන්නා.

    දැනට ලෝකයේ හොඳම කුළුබඩු ලෙස සන්නාම අතර පළමු ස්ථානයේ සිටින්නේ, ශ්‍රී ලංකාවයි. 

    මෙම කරුණු සැලකිල්ලට ගනිමින් ගැසට්  නිවේදනය අත්හිටුවීමට තීරණය කර තිබෙනවා. දේශීය කුළුබඩු වැවිලි භෝගයන් ලෙස තවදුරටත් ඉහළ නැංවීම සඳහා රජය මගින් ඉටු කළ යුතු කාර්ය බාරය පිළබඳව මෙහිදී අවධානය යොමු කෙරුණා

    Last modified on අඟහරුවාදා, 12 මාර්තු 2024 09:47

    Latest News