රුසියානු ජනපති සටන ඇරඹේ

මාර් 15, 2024
    රුසියානු ජනාධිපතිවරණයේ, ඇතැම් ප්රදේශවල ඡන්දය ප්රකාශ කිරීම ආරම්භ වී තිබෙනවා. ඈත පෙරදිග ඡන්ද මධ්යස්ථාන විවෘත කර ඇති අතර රුසියානු භූමිය තුළ ප්රධාන ඡන්ද විමසීම ලබන ඉරිදා සිට දින තුනක් පැවැත්වීමට නියමිතයි.

    මෙවර ජනාධිපතිවරණයට අපේක්ෂකයින් සිව් දෙනෙකු තරඟ වදිනවා.

    විදෙස් මාධ්ය සඳහන් කරන්නේ, ස්වාධීන අපේක්ෂකයෙකු ලෙස තරඟ වදින වත්මන් ජනාධිපති ව්ලැඩිමීර් පුටින් ඡන්දය පහසුවෙන් ජයගනු ඇති බවයි.
     
    දක්ෂිනාංශික ලිබරල් ඩිමොක්රටික් පක්ෂයේ ප්රධානියා වන ලියොනිඩ් ස්ලට්ස්කි, කොමියුනිස්ට් අපේක්ෂක නිකොලායි කරිටොනොව් සහ ලිබරල් මධ්යවාදී නව ජනතාව නියෝජනය කරන ව්ලැඩිස්ලාව් ඩවන්කොව් පුටින්ට එරෙහි ප්රතිවාදීන් තිදෙනායි.
     
    2020 ආණ්ඩුක්රම ව්යවස්ථා ප්රතිසංස්කරණයකින් පසු රුසියාවේ පැවැත්වෙන පළමු ජනාධිපතිවරණය මෙයයි. ජනාධිපතිවරණය අනුව, රාජ්ය නායකයා ලෙස කටයුතු කරන ඕනෑම පුද්ගලයෙකුට වසර හයක වාර දෙකක කාල සීමාවක් හිමි වනවා.
     
    පෞද්ගලිකව ඡන්ද මධ්යස්ථානවල ඡන්දය ප්රකාශ කිරීමට අමතරව, ප්රදේශ 28 ක පමණ පදිංචිකරුවන්ට රටේ විද්යුත් ඡන්ද ක්රමය මගින් අන්තර්ජාලය ඔස්සේ ඡන්දය ප්රකාශ කළ හැකියි.
    මත විමසුම් ඇස්තමේන්තු වලට අනුව මැතිවරණය සඳහා 71% ක පමණ ඉහළ ඡන්ද ප්රතිශතයක් අපේක්ෂා කෙරෙනවා.
     
    රුසියාවේ දුරස්ථ ප්රදේශ කිහිපයක දැනටමත් පූර්ව ඡන්දය ප්රකාශ කර ඇති අතර මිලියන දෙකක පමණ ජනකායක් මේ වන විට ඡන්දය ප්රකාශ කර ඇති බව නිල සංඛ්යාලේඛන වාර්තාවල සඳහන්.

    Latest News