රාජකීය කජුවලට සම්මානයක් !

ඔක් 17, 2018

    ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම කජු සැකසීමේ හා අපනයන සමාගමක් වන රෝයල් කැෂූස් ROYAL CASHEWS (රෝයල් ෆුඞ් මාර්කටින් සහ සමාගම) අඛණ්ඩව දෙවැනිවටරත් NCE Exports Awards සම්මානයෙන් පිදුම් ලැබීය.

    පසුගියදා කොළඹ ෂැංග්‍රිලා හෝටලයේදී පැවැති ‘ජාතික අපනයන සම්මාන උළෙලෙහි’ දී ඔවුන් මේ සම්මානයෙන් පිදුම් ලැබූ අතර මෙරට සිටින නෙදර්ලන්ත තානාපතිනි, ජොආන් ඩෝනිව්වෝර්ඞ් මහත්මියගේ ප්‍රධානත්වයෙන් එය පැවැත්විණි.

    රෝයල් කැෂූස්, Fresh and Processed Agricultural Export Crops අංශය වෙනුවෙන් මේ සම්මානය දිනාගත්තේය.

    මේ සම්මාන උළෙල ශ්‍රී ලංකා ජාතික අපනයන මණ්ඩලය විසින් වාර්ෂිකව සංවිධානය කරනු ලබන අතර එය මෙවර පැවැතියේ 26 වැනි වතාවටය.

    අලෙවි ප්‍රදර්ශනාගාර 20කින් සමන්විත රෝයල් කැෂූස් (ROYAL CASHEWS) සමාගම, මෙරට විශාලතම කජු අලෙවි ජාලය හිමි සමාගමද වේ.

    මැලේසියාව, ජපානය, ඇමෙරිකාව, බ්‍රිතාන්‍ය, නවසීලන්තය, ජර්මනිය, ඕස්ලිට්‍රේයාව, ඕස්ට්‍රියාව, මාලදිවයින හා සවුදි අරාබිය යන රටවලට අපනයනය කරන ROYAL CASHEWS විශිෂ්ටතම ඇසුරුම සහිත නිෂ්පාදනය (Pro Food 2009) පරිසර හිතකාමී ඇසුරුම (Pro Food 2011) MACO ව්‍යාපාරික විශිෂ්ටත්ව සම්මානය,

    ලංකා ස්ටාර් ජනාධිපති රන් සම්මානය හා පරිසර හිතකාමී කොලපත් ඇසුරුම වෙනුවෙන් ASIASTAR -2015 සම්මානයෙන් පිදුම් ලැබූවකි.

    RoyalCashews 01 900px 17 10 18
    රෝයල් ෆුඞ් මාර්කටින් සමාගමේ ජ්‍යෂ්ඨ කළමනාකාරීත්වය NCE Exports Awards සම්මානය ලබාගත් අවස්ථාව (වමේ සිට දකුණට) රුවන් ළහිරු දන්තනාරායන (නව නිෂ්පාදන සංවර්ධන හා පර්යේෂණ කළමනාකරු) රසන් සුජිත් ප්‍රියදර්ශන (සමූහ සමාගම් ගණකාධීකාරී) හා අෂාන් කන්නන්ගර (තත්ත්ව සහතික කළමනාකරු)…..

    Last modified on බදාදා, 17 ඔක්තෝබර් 2018 16:22

    Latest News