අදත් වැස්සද?

ඔක් 06, 2023
    බස්නාහිර, සබරගමුව, දකුණු සහ වයඹ පළාත්වලත් මහනුවර සහ නුවරඑළිය දිස්ත්රික්කවලත් අද (06) දින විටින්විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති හැකිය.

     

    කාලගුණ විද්යා දෙපාර්තමේන්තුව පවසන්නේ ගාල්ල, මාතර, කළුතර සහ රත්නපුර දිස්ත්රික්කවල ඇතැම් ප්රදේශවල මි.මී. 50ට වැඩි තරමක් තද වැසි ඇති විය හැකි බවය.
    දිනයිනේ ඌව සහ නැගෙනහිර පළාත්වලත්, පොළොන්නරුව, මාතලේ සහ මුලතිව් දිස්ත්රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්රී කාලයේදී තැනින්තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වෙයි.
     
    මධ්ය ම කඳුකරයට පවතින අධික වැසි හේතුවෙන් කාසල්රි සහ මාඋස්සාකැලේ ජලාශවල ජල මට්ටම ශීඝ්ර යෙන් ඉහළ යමින් පවතින බව එම ජලාශ බාර වාරි ඉංජිනේරුවන් පවසනවා. ඔවුන් සඳහන් කළේ, කාසල්රි ජලාශයේ ජල මට්ටම සියයට 75 ක් හා මාඋස්සාකැලේ ජලාශයේ ජල මටටම සියයට 78 ක් වැනි සීමාවන් ඉක්මවා ජල මට්ටම ඉහළ කොස් ඇති බවයි.
    එම තත්වය හමුවේ ලක්ෂපාන, නව ලක්ෂපාන, කැනියන්, විමලසුරේන්ද්රේ, පොල්පිටිය හා බ්රෝ ඩ්ලන්ඩ් යන ජල විදුලි බලාගාර අවශ්ය්තා අනුව, අපරිමය දක්වා විදුලිය උත්පාදනය කළ හැකි මට්ටමක පවතිනවා.
     
    ජලාශ බාර වාරි ඉංජිනේරුවන් ප්රවකාශ කළේ, පවතින වර්ෂාව හේතුවෙන් විදුලිය උත්පාදනය කරමින් සිටියදීත්, අදාළ ජලාශයන්හි ජල මට්ටම දිනකට අඟලකින් පමණ ඉහළ යමින් පවතින බවයි. කාසල්රි ජලාශයේ ජල මට්ටම පිටාර මට්ටමේ සිට අඩි 8 ක් පහළින් පවතිනවා.
     
    මාඋස්සාකැලේ ජල මට්ටම පවතින්නේ පිටාර මට්ටමේ සිට අඩි 10 ක් පහළින්. ඉදිරියටත් වැසි පැවතුනහොත් පිටාර මට්ටම දක්වා ජල ධාරිතාව ඉහළ යා හැකියි. මේ අතර, අප වාර්තාකරු සඳහන් කළේ. මේ දිනවල කඳුකරයේ මාර්ග පද්ධතිය බොහෝ අවස්ථාවල ඝණ මීදුමෙන් වැසී පවතින අවස්ථාද දැකගත හැකි බවයි.
    ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මගින් සිදුවන අනතුරු අවම කරගැනීමට අවශ්ය පියවරගන්නා ලෙස කාලගුණවිද්යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.
    Last modified on සිකුරාදා, 06 ඔක්තෝබර් 2023 09:38

    Latest News