ඉන්දියාවට අහසින් ආ මාරයා

ඔක් 05, 2023

    ඉන්දියාවේ "සිකීම්" ප්‍රාන්තයට අධික වැසි සමග බලපා ඇති ගංවතුර තත්වය තවදුරටත් වර්ධනය වෙමින් පවතිනවා.

    සිදුවූ ආපදාවන්ගෙන් 10 දෙනෙකු මිය ගොස් ඇති අතර, තවත් 82‍ දෙදෙනෙකු අතුරුදන් බවයි, වාර්තා වන්නේ.
    අතුරුදන්වූවන් අතර හමුදා සමාජිකයින් 23 දෙනෙකු ද සිටින බව, ආරක්‍ෂක අංශ පවසනවා.
    ගංවතුර හේතුවෙන් අවතැන් වූ පිරිස 400 ඉක්මවා ගොස් ඇති අතර, "සිකීම්" ප්‍රදේශයේ සංචාරකයින් 3,000 ක් පමණ පීඩාවට පත්ව සිටිනවා.
    ඊයේ දිනය වන විට ඊශාන දිග ප්‍රාන්තයට මිලිමීටර 40 ඉක්මවූ වර්ෂාපතනයක් ලැබී තිබූ බව, ඉන්දීය කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන්න කළා.
    ගංවතුර හමුවේ සිදුවූ අනතුරුවලින් 20 දෙනෙකු තුවාල ලබා රෝහල් ගතකර තිබෙනවා.


    Latest News