අයඳුම්පත් දීර්ඝ වන ලකුණු

මැයි 02, 2020

    කොවිඩ් - 19 බලපෑමට පත් ව්‍යාපාර හා පුද්ගලයන් හට සහන ලබාදීම සඳහා අයදුම් කිරීමට ලබාදුන් කාලය දීර්ඝ කරයි.

    ඒ අනුව, කොරෝනා වසංගතයෙන් බලපෑම් එල්ල වූ ව්‍යාපාර සහ පුද්ගලයින්ට සහන ලබාගැනීම සඳහා අයැදුම් කිරීමට දී තිබූ කාලය ලබන 15 වැනි දා දක්වා දීර්ඝ කර තිබේ.

    ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනය කළේ, මේ යටතේ බලපෑමට එල්ල වූ පුද්ගලයින්ට 4% ක පොලී අනුපාත යටතේ සහන ණය ලබාගැනීම සඳහා අයැදුම් කළ හැකි බවයි.

    රුපියල් ලක්ෂ 5 ට වඩා අඩු වටිනාකමින් යුත් වලංගු කාලය ඉක්මගොස් ඇති චෙක්පත්, බලපත්‍රලාභී බැංකු විසින් ලබන 15 වැනි දා දක්වා වලංගු ලෙස සැළකිය යුතුවේ.

    සහන ලබාගැනීමට සුදුසුකම් ලබන ව්‍යාපාර සහ පුද්ගලයින් කල්වේලා ඇතිව අදාළ තොරතුරු බැංකු ශාඛා වෙත ලබාදිය යුතු බව ද ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනය කළේය.

    Last modified on සෙනසුරාදා, 02 මැයි 2020 15:36

    Latest News