උතුරු කොරියාව දකුණු කොරියාව දෙසට අපද්‍රව්‍ය සහිත බැලුන යළි යවා ඇති බව වාර්තා වනවා.
අමෙරිකාවේ හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට එරෙහි අපරාධ නඩු විභාගයේදී චෝදනා 34 කට ඔහු වරදකරු වී තිබෙනවා.
ගාසා තීරය සහ ඊජිප්තු දේශසීමා මායිමේ පිහිටි ෆිලඩෙල්පි කොරිඩෝව ලෙස හැඳින්වෙන උපායමාර්ගික කලාපය, තමන් විසින් අත්පත් කර ගනු ලැබූ බව, ඊශ්‍රායල හමුදාව පවසනවා.
යුක්රේනයට මෙම වසර තුළදී යුද ආධාර ලබාදෙන බවට ස්පාඤ්ඤය ප්‍රතිඥා දී තිබෙනවා.
සියලු මාර්ග භාවිතා කරමින් සාමය සඳහා රුසියාවට බල කරන මෙන් යුක්රේන ජනපති බටහිර නායකයින්ගෙන් ඉල්ලා සිටිනවා.
සුඩානයේ සිවිල් යුද්ධයෙන් සති දෙකක් තුළ සිවිල් වැසියන් 970 දෙනෙකු මියගොස් ඇතැයි, ජාත්‍යන්තර මානුෂිය සංවිධානය පවසනවා.
මධ්‍යම අමෙරිකාවේ ප්‍රාන්ත කිහිපයක් හරහා හමා ගිය ටොනේඩෝ සුළි කුණාටුව හේතුවෙන්, 15 දෙනෙකු මිය ගොස් තිබෙනවා.