ඉන්දියාවේ ගිනියමට ජීවිත 50ක් බිලි වෙයි

ජූනි 04, 2024
    ඉතා දරුණු ලෙස උෂ්ණත්වය ඉහළ යෑම හේතුවෙන් දින තුනක් ඇතුළත ඉන්දියාවේ පුද්ගලයන් 50කට වැඩි පිරිසක් ජීවිතක්ෂයට පත් වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළා.

    මේ අතුරින් මරණ 33ක්ම වාර්තා වන්නේ නැගෙනහිර ඉන්දීය ප්‍රාන්තයක් වන උත්තර් ප්‍රදේශ ප්‍රාන්තයෙන් බව ද විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කළා.

    අධික උෂ්ණත්වය හේතුවෙන් මිය ගිය පුද්ගලයන් අතර පසුගියදා නිමාවට පත්වූ මහමැතිවරණයේ රාජකාරියේ නිරතව සිටි මැතිවරණ නිලධාරීන්, ආරක්ෂක නිලධාරින් සහ සනීපාරක්ෂව සම්බන්ධ කාර්ය මණ්ඩලයේ සාමාජිකයන් ද සිටින බව වාර්තා වනවා.
    මිය ගිය අය අතර ඔඩීෂා ප්‍රාන්තයේ පුද්ගලයන් 20 දෙනකු පමණ සිටින බව ද ඉන්දීය මාධ්‍ය සඳහන් කළා.

    Latest News