"නූරි" උඩුගුවනට...

ඔක් 21, 2021

    දකුණු කොරියාව අද (21) අභ්‍යාවකාශ තරණයට අවතීර්ණ වුණා. 

    ඒ, එරට නිෂ්පාදිත ප්‍රථම රොකට්ටුව, අද උඩුගුවනට යවමින්. රොකට්ටුව නම්කර තිබුනේ "නූරි" යනුවෙන්. එහි උස, අඩි 155 ක්. රොකට් එන්ජින් 6 කින් එය බලගැන්වුනා. රොකට්ටුව අභ්‍යාවකාශගත කෙරුණේ, ශ්‍රී ලංකා වේලාවෙන් අද පස්වරු 1.30 ට පමණ. චන්ද්‍රිකා ආකෘතියක් කක්‍ෂගත කිරීම සඳහා පරීක්ෂණ මෙහෙයුමක් ලෙසයි මෙය සිදු කෙරුණේ.

    එහිදී රොකට්ටුව සාර්ථක ලෙස ක්‍රියාත්මක වූ බවයි, විද්‍යාඥයින් ප්‍රකාශ කරන්නේ. එහෙත් චන්ද්‍රිකා ආකෘතිය අභ්‍යාවකාශයට මුදාහැරීමේ යාන්ත්‍රනය, නිසි පරිදි සිදුවී නැහැ. මෙහෙයුම යළිත් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කරන බවයි, දකුණු කොරියානු ජනාධිපති මුන් ජේ ඉන් ප්‍රකාශ කරන්නේ .

    Latest News