රුසියාවේ ආසාදිතයින්ගේ වාර්තාගත ඉහළයාමක්....

ඔක් 22, 2021

    කොවිඩ්-19 ආසාදිතයින්ගේ වාර්තාගත ඉහළයාමක් දක්නට ලැබෙන බව, රුසියානු සෞඛ්‍ය අංශ පවසනවා.

    එරට රෝහල් ධාරිතාව මේ වනවිටත් ඉක්මවා ගොස් ඇති බවයි, වාර්තා වන්නේ. රුසියාවේ පැතිර යන ඩෙල්ටා ප්‍රභේදය හේතුවෙන් දෛනික මරණ සංඛ්‍යාවේද අඛණ්ඩ වර්ධනයක් දක්නට ලැබෙන බව සෞඛ්‍ය අංශ පවසනවා. එරට රජය රෝග පාලනය සඳහා රට තුළ සෞඛ්‍ය සීමා පනවා ඇති බවයි, වාර්තා වන්නේ.

    ඒ අනුව, මොස්කම් නුවර දින 10ක කාලයක් සඳහා නගරය වසා දැමීමට බලධාරීන් තීරණය කර තිබෙනවා. එරටින් ගත වූ පැය 24 තුළ නව ආසාදිතයින් 36,000කට අධික සංඛ්‍යාවක් හඳුනා ගෙන ඇති අතර, සිදුව ඇති මරණ සංඛ්‍යාව 1000 ඉක්මවා තිබෙනවා.

    රට තුළ පවතින එන්නත්කරණයේ මන්දගාමී බව, ආසාදිතයින්ගේ ඉහළ යාමට මූලික හේතුව බවයි, සෞඛ්‍ය අංශ සඳහන් කරන්නේ. එරටින් මේ දක්වා වාර්තා වී ඇති සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 81 ලක්‍ෂයකට අධික වන අතර, මරණ සංඛ්‍යාව දෙලක්‍ෂ 28,000 ඉක්මවා තිබෙනවා.

    Latest News