ගෝලීය කොවිඩ් මරණ 50 ලක්ෂය ඉක්මවීමට ආසන්නයි

ඔක් 23, 2021

    ගෝලීය කොවිඩ් මරණ පනස් ලක්ෂය ඉක්මවීමට ආසන්නව තිබේ. ජෝන් හොප්කින්ස් විශ්වවිද්‍යාල අධ්‍යයන වාර්තා අනූව මේ වන විට ගෝලීය වශයෙන් පුද්ගලයන් 49 ලක්ෂ 53,000කට වැඩි පිරිසක් වෛරසයෙන් මිය ගොස් ඇති බව, වාර්තා වෙයි. 

    ගතවූ පැය 24ක කාලයක් තුළ දී ගෝලීය වශයෙන් පුද්ගලයන් හාර ලක්ෂ 57,000කට වැඩි පිරිසක් මියගොස් තිබේ. ගෝලීය වශයෙන් වැඩිම කොරෝනා මරණ වාර්තා වන අමෙරිකාවේ, ඊයේ දිනය තුළ පමණක් 1,610 දෙනෙකු මෙලෙස කොරෝනා වෛරසයෙන් මියගොස් ඇති බව වාර්තා වෙයි.

    එරට දෛනික මරණ පසුගිය සතිය අග භාගයේ සිට යළිත් ඉහළ ගියේය. එමෙන්ම, 50,000කට අඩු අගයකට පහළ වැටී තිබූ දෛනික ආසාදිතයන් සංඛ්‍යාවද, මේ වන විට ඉහළ ගොස් තිබේ.

    ඊයේ දිනයේ දී පමණක් අමෙරිකාවෙන් නව ආසාදිතයන් 82,000කට වැඩි පිරිසක් හඳුනා ගැනිණ. ලබන 8 වැනිදා වන විට විදේශිකයන් සඳහා රට විවෘත කිරීමට අමෙරිකානු බලධාරීන් බලාපොරොත්තු වෙයි.

    දෛනික ආසාදිත සංඛ්‍යාවෙහි පහත වැටීමක් මෙම මස අවසානය වන විට බලාපොරොත්තු විය හැකි බවට සෞඛ්‍ය අංශ මීට පෙර මත පළ කර තිබිණ. මේ වන විට කොරෝනා වෛරසය මර්දනය සඳහා ගෝලීය වශයෙන් සිදු කරනු ලබන එන්නත්කරණය පිළිබඳ දැඩි බලාපොරොත්තුවක් අමෙරිකානු සෞඛ්‍ය අංශ තබා තිබේ.

    Latest News