වැලිමඩ හා ඌව පරණගම පවතින වැසි සහිත අයහපත් කාලගුණය හේතුවෙන් නාය අවධානමට ලක් වු පවුල් 57 ක පුද්ගලයින් 255 දෙනෙකු ආරක්ෂිත ස්ථාන වෙත යොමුකර තිබේ.

මඩොල්සිම වතුයායට අයත් ගල්උල්ලවත්ත, ඩූමෝ කොටසේ පදිංචි පවුල් 46ක 187 දෙනෙක් අද උදෑසන ඔවුන් පදිංචිව සිටි ලැයිම් කාමරවලින් ඉවත්කිරීමට පියවර ගෙන තිබේ.
ඒ පවතින වර්ෂාවත් සමඟ ඇතිවූ නායයාමේ හා ගල් පෙරළීමේ අවදානම් තත්ත්වයක් හේතුවෙන්.

වැලිමඩ ලූනුවත්ත හරහා උඩුපුස්සැල්ලාව දක්වා ඇති ප්‍රධානතම මාර්ගයට ගම්පහවත්ත ප්‍රදේශයේදී පස් කන්දක් කඩා වැටීම නිසා අද (14) එම මාර්ගය වසා දමා ඇති බව ඌව පරණගම පොලිසිය පවසයි.

බලංගොඩ - බදුල්ල ප්‍රධාන මාර්ගයේ සීලගම ප්‍රදේශයේ දී මාර්ගයට පස් කන්දක් කඩා වැටීමෙන් රථවාහන ගමනාගමනය බාධා එල්ල වී තිබේ.

ඇල්ල වැල්ලවාය ප්‍රධාන මාර්ගයේ ඇල්ල ආසන්න ප්‍රදේශයේ අද උදෑසන නාය යෑමක් සිදු වී තිබේ.

කුරුණෑගල, කෑගල්ල හා රත්නපුර දිස්ත්‍රික්ක සඳහා ජාතික ගොඩනැඟිලි පර්යේෂණ ආයතනය විසින් නිවේදනය කළ නාය යෑම් අනතුරු ඇඟවීම තවමත් වලංගු බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.

බදුල්ල දිස්ති‍්‍රක්කයේ ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාශ 03 කට පැනවු නායයාම් අනතුරු ඇඟවීම් තවදුරටත් ක්‍රියාත්මකයි.

වැසි තත්වය හේතුවෙන් දිස්ත්‍රික්ක පහක් සඳහා නායයෑම් පිළිබද පුර්ව අනතුරු ඇගවීම් නිවේදනයක් නිකුත් කිරීමට ජාතික ගොඩනැගිලි පාර්යේෂණ සංවිධානය පියවර ගෙන තිබේ.

පවතින අධික වැසි සහිත කාලගුණික තත්ත්වය හේතුවෙන් ප්‍රදේශ කිහිපයකට ආපදා කළමණාකරන මධ්‍යස්ථානය විසින් නායයෑමේ අනතුරු ඇඟවීම් නිකුත් කර තිබේ.

ඉදිරි පැය 24 තුල පුත්තලම,කොළඹ - ගාල්ල හරහා මාතර දක්වා මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය පැ.කි 60-70 දක්වා වැඩිවිය හැකි බැවින් ධීවර හා නාවික ප්‍රජාව අවධානයෙන් සිටින ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

Latest News