ගතවූ පැය 24තුළ මැතිවරණ නීති උල්ලංගණය කිරීම් හා වෙනත් පැමිණිලි 96ක් ලැබී ඇති බව මැතිවරණ කොමිසම පවසයි.

ජනාධිපතිවරණය වෙනුවෙන් රාජ්‍ය ආයතන මගින් අයදුම් කල තැපැල් ඡන්ද පත්‍රිකා (19) අලුයම වන තැපැල් කාර්යයාල වෙත ලැබී තිබේ.

මැතිවරණ නීති උල්ලංඝණය කිරීම් සම්බන්ධයෙන් මේ වන විට සැකකරුවන් 11දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පවසයි.

ගත වූ දින 09 තුළ ජනාධිපතිවරණයට අදාලව පැමිණිලි 762ක් ලැබී ඇති බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.

ජනාධිපතිවරණයේ මැතිවරණයට අදාළ සජිවි විකාශයන් නොවැම්බර් 07 වැනිදා සිට නවතා දැමිය යුතු බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසයි.

යුද්ධය, යුද ජයග්‍රහණය හෝ යුද්ධයේ වීරක්‍රියා ජනාධිපතිවරණයේ ප්‍රචාරක කටයුතුවලට යොදා ගැනීම තහනම් බව මැතිවරණ කොමිසම පවසයි.

සමාජවාදී සමානතා පක්‍ෂයේ, ජනාධිපති අපේක්‍ෂක පානි විජේසිරිවර්ධන මහතාගේ ප්‍රථම ජනහමුව, අද පැවැත්විණ.

ජනාධිපතිවරණයේ තැපැල් ඡන්ද පති‍්‍රකා නිකුත් කිරීම සහ තැපෑලට භාරදීම ලබන සිකුරාදා (18) සිදු කිරීමට නියමිතයි.

ඇල්පිටිය ප්‍රාදේශීය සභාවේ ජය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට හිමිව තිබේ.

ඇල්පිටිය ප්‍රාදේශිය සභා ඡන්ද විමසීම අද පෙරවරු 07.00ට ආරම්භ විය.

Latest News