කාලාපීය දේශපාලන බලවේගයක් ගොඩනැගීමට සුදානම්; පානි විජේසිරිවර්ධන (වීඩියෝ)

ඔක් 16, 2019

    සමාජවාදී සමානතා පක්‍ෂයේ, ජනාධිපති අපේක්‍ෂක පානි විජේසිරිවර්ධන මහතාගේ ප්‍රථම ජනහමුව, අද පැවැත්විණ.

    ඒ, කොළඹ මහජන පුස්තකාලයේදී එහිදී අදහස් දැක්වූ පානි විජේසිරිවර්ධන මහතා...

    “සහෝදරවරු සැලකිල්ලට ගත යුතුයි, මෙවර ජනාධිපතිවරණයේදී තීරණාත්මක වන්නේ සමාජවාදී සමානතා පක්‍ෂය ඉදිරිපත් කරන ජාත්‍යන්තර සමාජවාදී වැඩපිළිවෙළ. මෙවර ජනාධිපතිවරණයට ඉදිරිපත් වී සිටින අනෙක් අපේක්‍ෂකයෝ 34 දෙනාගෙන් ඔවුන් කියනවා මෙවර ජනාධිපතිවරණය තීරණාත්මකයි කියලා. අපි කියන්නේ මෙවර ජනාධිපතිවරණයේ දී සමාජවාදී සමානතා පක්‍ෂය ඉදිරිපත් කරන වැඩපිළිවෙළ තීරණාත්මකයි. අපේ ආධාරකරුවන් කණ්ඩායමක් ඉන්දියාවේ ඉන්නවා, පකිස්තානයේ ඉන්නවා. ඔවුන් ඉදිරි කාල පරිච්ජේදයේ දී මේ ආධාරකරුවන් කණ්ඩායම විප්ලවවාදී පක්‍ෂ ශාඛාවන් බවට පරිවර්තනය කර ගනිමින් අපේ වැඩපිළිවෙල සමස්ත කලාපය තුළම ව්‍යාප්ත කිරීමට අපි අදිටන් කරගෙන සිටිනවා“ යැයි පානි විජේසිරිවර්ධන මහතා පැවසීය.

    Last modified on බදාදා, 16 ඔක්තෝබර් 2019 20:21

    Latest News